Temples of Sri Lanka

සෙන් උපමා කතා -11

” බිඳුනු කෝප්පයෙන් යථාර්ථයක් “

ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත් බෞද්ධ ධර්මය උගන්වන සෙන් පාසලක ඉතා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් හිටියා .

මේ ගුරුවරයා ඉක්‍ යු නමින් හැඳින්වූවා .

මෙම ගුරුවරයා ගේ කුඩා අවධිය ද දස්කම් දැක් වූ යුගයක් වුණා .යම් යම් අවස්ථාවල දී මුහුකුරා ගිය ගතිලක්ෂණ පෙන්නුම් කළා .තමා කිසියම් වූ කරදරයක වැටුණු අවස්ථාවකදී එයින් මිදෙන්නේ කෙසේද යන්න සෑම විටෙකම අවබෝධ කරගත් පුද්ගලයෙක් බවට ද පත් වුණා.

දිනක් …මේ කුඩා ඉක්‍ යු සෙල්ලම් කරමින් සිටින අතර තුරේදී තේ කෝප්පයක ගැටී එය බිමට පෙරළී, කුඩා කැබලි බවට පත්වන තෙක් කැඩී බිඳී ගියා.

එකල මේ තේ කෝප්පයේ අයිතිකරු වූයේ ඔහුගේ ගුරුවරයායි .

මේ තේ කොප්පය ඉතා පැරණි එකක් වූ අතර එය මෙම ගුරුවරයා මහත්සේ සුරැකිව තබාගෙන සිටියේ බෙහෙවින්ම අගය කරමින් .

ඉතින් මේ කුඩා ඉක්‍ යු තමා අතින් සිදුවූ මෙම හදිසි අනතුර පිළිබඳව තැවෙමින් සිටියා .

මේ අතරතුර ගුරුතුමාගේ පැමිණීම ද සිදුවුණා .ඉක්මනින් කෝප්පයේ බිඳුනු කොටස් එකතු කර
ඉක් යු තම සිරුර පිටුපස සඟවා තබා ගත්තා .

ගුරුවරයා තමා වෙතට පැමිණි විගසම ඉක් යු තම ගුරුතුමාගෙන් මෙසේ ප්‍රශ්න කළා ..

ගුරුතුමනි , “මිනිසුන් මිය යන්නේ ඇයි?”

මේ සඳහා ගුරුතුමා මෙසේ පිළිතුරු දුන්නා .

“ඒක තමයි ස්වභාවය ඕනෑම දෙයක් කලක් පැවත මිය යා යුතුයි .”

හිතට අස්වැසිල්ලක් වූ මේ වචන ටික ඇසෙනවාත් සමගම, කුඩා ඉක් යු ගුරුවරයාට තමා අතින් බිදුනු කෝප්පයේ කැබලි ටික පෙන්වූවා .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X