Temples of Sri Lanka

POSON FESTIVAL TODAY – පොසොන් මහෝත්සවය අදයි

Buddhism, A Twenty Five Century Old Precious Gift from India to Sri Lanka... බුදු දහම, සියවස් විසි පහක් පැරණි ඉන්දියාවෙන් ශ්‍රි ලංකාව ලද මහගු ත්‍යාගය...

Historic Mihintale Rock

Poson is a very important festival celebrated in Sri Lanka on the full moon day in June. Poson Poya (full moon) is noteworthy to Sri Lankan Buddhists as the day on which Indian Emperor Asoka’s son, Arahant Mahinda, introduced Buddhism to the island in the 3rd century B.C. It was indeed a momentous event in the history of Lanka. It marked the strengthening of nation building in the island and built up of lasting brotherhood with India and other countries in the region professing the new teaching of Buddha.

After embracing Buddhism, the King of Lanka and the people, soon led to a phenomenal progress of the new philosophy with thousands of Lankans entering the Bhikku and Bhikkuni orders, to teach and spread the noble teachings of the Buddha for the well being of the many in the Island leading to a novel culture and a more compassionate way of life.

Soon after another significant event took place in the history of Sri Lanka.

It was the arrival of Bhikkuni Sangamitta, the sister of Arahant Mahinda bringing a holy Bodhi sapling from the Maha Bodhi Tree from Bodhgaya, India. This was another precious gift of Emperor Asoka of India to the King Devanampiyatissa of Sri Lanka and to the people of Sri Lanka for veneration. The sapling was planted in Mahameuna Uyana in Anuradhapura by the King himself with great pageantry and honour.

In addition to the normal ritualistic observances undertaken on any poya day, on Poson day Buddhist devotees flock to Anuradhapura, the ancient capital city of the country, for it was there that Arahant Mahinda taught the Budhha’s teachings to the then ruler, King Devanampiya Tissa, and his court, thereby setting in motion a series of events that finally made Sri Lanka the cradle of Buddhism.

The Poson marks the great arrival of Arahant Mahinda, the son of Emperor Asoka of India, with the Buddha’s noble teachings to be propagated in Sri Lanka.

 

අද සමරණ ශ්‍රී ලංකාවේ පොසොන් පොහෝ දිනය

සියවස් විසි පහක් පැරණි ඉන්දියාවෙන් ශ්‍රි ලංකාව ලද මහගු ත්‍යාගය, බුදු දහම…

පොසොන් පොහෝ දිනය ශ්‍රී ලංකාවේ සෑම වර්ෂයකම ජූනි මාසයට යෙදෙන උතුම් බෞද්ධ උත්සවයකි. ක්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වූ අසෝක මහාධිරාජයාගේ ආදරණිය පුත්‍රරත්නය ලෙස මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන පැමිනි ඓතිහාසික දිනය වශයෙන් පොසොන් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට අති ශ්‍රේෂ්ඨ දිනයකි. එමෙන්ම එම දිනය අප රටේ ඉතිහාසයෙහි සුවිශේෂ වූ කඩඉමක් සනිටුහන් කළ දිනයක් ද වේ. උන්වහන්සේගේ වැඩමවීමෙන් මෙරට ඇතිවූ ජාතික හා සමාජයීය පුනර්ජීවනය එම පැමිණීමෙන් පසු තවත් ශක්තිමත් වීමට හේතු වූවා පමණක් නොව බුදු දහම තුලින් අප රටට දායාද කල උතුම් ඉගැන්වීම තුලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් අන්‍යොන්‍ය මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමටත් කළාපයේ අනෙකුත් රටවල් අතරද සහයෝගිතාවය වර්ධනය කරගැනීමටත් එම උතුම් පණිවිඩය ඉවහල් වූ බව සත්‍යයකි.

බුදු දහම ශ්‍රී ලංකාවට පැමිණිමෙන් අනතුරුව රජතුමා සහ මෙරට ජනතාව අතර ගොඩනැගුණූ ශ්‍රේෂ්ඨ දහම් මාර්ගය නිසා සුවහසක් ජනතාව භික්ෂු – භික්ෂුනින් වහන්සේලා ලෙස ශාසනයට ඇතුළු වීමත් එතුලින් සමාජයේ යහපත ගොඩනැගෙන නව ආගමික හා සමාජයීය සංස්කෘතියක ආරම්භයක ප්‍රවේශයක් ද මෙරට ඇති විය. මෙම වැදගත් සිදුවීමට අනතුරුව ශාසනික වශයෙන් ශ්‍රේෂ්ඨ වූ දෙවැනි සිදුවීම වන්නේ අරහත් මිහිඳු හිමියන්ගේ නැගණිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් දඹදිව බුද්ධගයාවේ රෝපිත බෝධින් වහන්සේගේ අංකුරයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමයි. ඉන්දියාවේ අසෝක අධිරාජයා විසින් අප රටේ ජනතාවගේ වන්දනාව පිණිස එවන ලද ත්‍යාගයක් වශයෙන් එය සැලකෙයි. අනුරාධපුර මහ මෙවුනා උයනෙහි සිටුවා ඇති මෙම බෝ පැළය ගෞරව බහුමානයෙන් යුතුව පැරණි රජදවස රජතුමාගේ සුරතින්ම රෝපණය කරන ලද්දකි.

අප රටෙහි සෑම පුර පොහෝ දිනකම කෙරෙන පොදු බෞද්ධ පිලිවෙත්වලට අමතරව බෞද්ධ ජනතාව විශේෂයෙන්ම පොසොන් පොහෝ දින අපේ පුරාණ අගනුවර වූ අනුරාධපුර පුදබිමට රොක් වන අතර දේවානම්පියතිස්ස රජ දවස අරහත් මිහිඳු හිමියන් සහ පිරිස අප රටට වැඩමවීමෙන් ක්‍රියාත්මක වූ උදාර ශාසනික සහ සමාජයීය පුනර්ජීවනය නිසා ශ්‍රී ලංකාව බුදු දහමේ තොටිල්ල ලෙස අදත් ලොව පුරා මහත් ඇගයීමකට ලක්වේ.

ඉන්දියාවේ අසෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට බුදු දහම රැගෙන එමත් එම දහම ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමත් යන අති උදාර වූ ශාසනික සිදුවීම සමරණ ඒ උතුම් පොසොන් පොහෝ දිනය අදයි.

You might also like
en English
X
X