Temples of Sri Lanka

සිහියෙන් අවධියෙන් යා ‍යුතු බව දනිමි

කිසියම් දෙයක් නුවණින් වටහා ගන්නට නුවණින් විමසන්නට පුළුවන් හැකියාවක් ඇති වෙන්නේ හොඳ සිහියත් නුවණත් තියෙන වීර්යවන්ත පුද්ගලයකුට පමණයි.
කෙටි උදාහරණයකින් අපි මෙය විග්රහ කොට බලමු.බලන්න මරණාසන්න කෙනෙකුට මේ විදිහට විස්තර කරගෙන යමක් යද්දි තේරුම් ගන්න නම් හොඳට සිහිය තියෙන ට ඕන. හොඳ වීර්යයක් තියෙන්නට ඕන. ප්රඥාවක් තියෙන ටත් ඕන . සිතෙහි ඒකාග්රතාවයක් තිබෙන්නටත් ඕන. අන්න එහෙම කෙනාට පමණයි මරණ මොහොතේ පවා ධර්මය පිළිබඳ අවබෝධයක් ළඟාකර ගැනීමේ හැකියාව පවතින්නේ .

 

මේ බුද්ධ ශාසනය තුළ පවතින හරය සීලය නෙමෙයි. මේ බුද්ධ ශාසනය අරමුණ සමාධිය නෙමෙයි. මේ බුද්ධ ශාසනය තුළ අරමුණ තමයි ප්රඥාවෙන් පරිපූර්ණත්වයට පත් වෙලා විමුක්තියක් ලබාගැනීම එහෙනම් බුද්ධ ශාසනයක් පවතින්නේ විමුක්තිය හරය මූලික කරගෙනයි.

 

බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා පණිවිඩයක් ඇරියා. බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සෙ පස්සේ අසනීප වුනු ස්වාමීන් වහන්සේට නැගිට ගන්නවත් බැහැ ඒ උනාට ඇඳෙන් නැගිට ගන්න උත්සහ ගන්නවා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට පින්වත් භික්ෂුව මහන්සි ගන්නට එපා තථාගතයන් වහන්සේට මේ පනවපු ආසන තියෙනවා ඔහොමම ඉන්න කියලා බුදුරජාණන් වහන්සේලාගෙන් වැඩ ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේගෙන් ප්රශ්නයක් අහනව පින්වත් භික්ෂුව කොහොමද ඔබට… ඔබේ අසනීප තත්ත්වය…එන්න එන්නම වැඩි වෙනවා ද අඩුවක් නැද්ද කියලා භාග්යවතුන් වහන්ස ඇසූ ප්‍රශ්ණයටපිළිතුරු වශයෙන් ලබා දුන්නේ …මේ අසනීප තත්ත්වය එන්න එන්නම වැඩි වෙනවා කියා යි.අඩුවක් නම් පේන්නෙම නෑ කියායි මට හොඳටම අමාරුයි.බුදුරජාණන් වහන්සේ ඇහුවා ….
පින්වත් භික්ෂුව ඔබට සීලයෙන් යම්කිසි සිත්තැවුලක් තියෙනවද ? සම්පූර්ණ කර ගන්නට බැරි වුණු ශික්ෂා පද තියෙනවද ?

 

එවිට උන්වහන්සේ නැහැ කියා පිළිතුරු දුන් විට බුදුරජාණන් වහන්සේ නැවතත් ප්රශ්නයක් අහනවා එහෙම නම් පින්වත් භික්ෂුව මොකද ඔබ මෙච්චර දුකින් ඉන්නේ කියලා …

 

උන්වහන්සේ පිළිතුරු ලබා දෙනවා දෙන ම ස්වාමීන් වහන්ස මට ඉස්සර සමාධිය තිබුණා දැන් ඒක නැහැ ඒකයි මම මේ ඉතින් ඉන්නේ කියා…

 

බුදුන් වහන්සේ වදාළා පින්වත් භික්ෂුව මේ බුද්ධ ශාසනය තුළ හරය සමාධිය නම් ඔබ දුක් වූවාට කමක් නැහැ මේ බුද්ධ ශාසනයේ හරය විමුක්තිය එහෙම කෙළ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ගෙන ගියා එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හිතේ සමාධිය නැති වීම නිසා තිබුණු දුක අයින් වෙලා සමාධිය වර්ධනය වුණා සමාධිය වැඩුණා මරණාසන්න මොහොතේ ධර්මය අවබෝධ කිරීමට උන්වහන්සේ සමත් වුණා .

 

ඒ වගේම තමයි මරණාසන්න මොහොතක මේ වගේ ධර්මයක් අහල දිනක් ලබාගන්නත් ලොකු පිනක් කරලා තියෙන්න ඕන. මේක අපට අහනකොට අපට හිතෙන දෙයක් තමයි… අනේ අපිත් මරණාසන්න වෙනකොට මෙහෙම අවවාදයක් දීලා හිත ධර්මය තුල පිහිටුවන්නට කෙනෙක් හිටියොත් ලොකු දෙයක් කියන එක .
නමුත් බොහෝ දෙනාට මෙවැනි අවස්ථා ගිලිහී යනවා

 

වාසනා මහිමය පට හෝ අවසන් මොහොතේ හෝ ලබාදෙන දහම් කරුණු පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගැනීමට නම් ඒ ධර්මය අවබෝධ කරන්නත් අප තුළ ඉදිරි ආත්ම ශක්තියක් තිබිය යුතුයි .ස්වාධීන චින්තනයක් තිබිය යුතුයි .
කෙලෙස් අඩු අය මේ ගිහි ජීවිතය තුළ දක්නට ලැබෙනවා. ධර්මය අවබෝධ කර ගන්නට බැරි වුනොත් විශාල කරදරයක වැටෙනවා ධර්මය අහන්න ලැබුනොත් ඒ අය අවබෝධ කරනවා කියලා .විශ්වාසයෙන් කියන්නට පුළුවන් ..
මේ නිසාම නිසා ම සිහියෙන් යුතුව හේතුව වීර්යයෙන් යුතුව මෙම අවබෝධය කරා අප යා යුතුයි…

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X