Temples of Sri Lanka

සිහිමුලා නොවීමට නම්  

පන්සිල් අරණට පිවිස සෑහෙන දුරක්,පියවර හතරක් ඉදිරියට පැමිණි ඔබ...

Marijuana joint in the hand, drugs concept

හොඳ සිහියෙන් නොවේද? හ්ම්! එහමනම් ඔබ පස්වෙනි ශික්ෂාපදය සමාදන් වුවා නේද?  එහි අරුත පැහැදිලිනෙ.

 

මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර ( මද්‍රව්‍ය,මත්වතුර ) බීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි. මත්ද්‍රව්‍ය මත්වතුර ලොව ගිලගත් රාක්ෂයෙක් බව අවිවාදයෙන් පිලිගත යුක්තකි.

 

නිතිපතා විද්යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබෙන දේවල් අනුව අපේ හදවත් කම්පාවට පත් නොවේද? මත්ද්‍රව්‍යකරණ විනාශය දකින ඔබ තමාගේ සුපිරි බව තහවුරු කිරීම සඳහාද මතට එකතුවීම ඔබේ හදවත අනුමත කරනවාද? එය නොසුදුසු නොකළයුතු ඔබ හොදටම දන්නවා නේද? එසේනම් ඒ කණ්ඩායම මතට ඇබ්බැහිවුවන්ගේ කණ්ඩායමට එක්වීමට ඔබගත් තීරණයක් නැති බව මට පෙනේ.

 

අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ “සිඟාලෝවාද” සූත්‍රයේදී වදාළ කරුණු කොතරම් යාවත් කාලීනද. විමසාබලමු.

 

සම්පත් විනාශවන දොරටු හයකි..

 

  1. සුරාපානය කිරීම.
  2. අවේලාවෙහි වීධී සංවාරය කිරීම.
  3. නිතර නෘත්‍ය ශාලාවල හැසිරීම.
  4. සුදුවෙහි යෙදීම.
  5. පාප මිත්‍ර සේවනය.
  6. අලසකමින් කාලය ගතකිරීම.

 

මතට ඇබ්බැහි වීමේ දෝෂ සයකි…

 

  1. හරි හම්බ කරගත් ධනය විනාශයට පත්වීම.
  2. කළ කෝලාහලවලට භාජනය වීම.
  3. දරුණු රෝග පීඩාදියට භාජනය වීම.
  4. බේබද්දෙක්,සුරාසොඬෙක් යන අප කීර්තිය ඇතිවීම.
  5. ලැජ්ජා නැතිව හැසිරීම.
  6. කල්පනාව දුර්වලව ශරීර ශක්තිය පිරිහි උමතු වීම.

 

කියවා බලන්න. මුලින් මා කිව් පරිදිම අද කාලයට මේ කරුණු මනාව ගැළපෙන අයුරු මා අමුතුවෙන් පහදා දියුතු නැහැනේද?

 

ඉතින් පන්සිල් සමාදන් වූ ඔබ නිල්වන් ජලාශයක පිපි සුදෝ සුදු පියුමක් ලෙසින් ලෝකයා හමුවේ දිස්වනු දැකීම මගේ එකම අභිප්‍රායයි.

 

බලන්නකො සුරා පානය මත් ද්‍රව්‍ය ආදියෙන් වැළකීමෙන් ඔබට ලැබෙන සොදුරු අගනා තෑගි මොනවාද කියලා සුළු ගනණක් නොවෙයි ආනිශංස කිපයක් ලැබෙන බව ඔබ දන්නවාද?

 

  1. තුන් කල්හිම කරන ඔනෑම කටයුත්තක් වේද එය මනාව වැටහෙන බව.
  2. හැමවිටම මනා සිහියෙන් යුක්ත වීම.
  3. උම්මත්තක නොවී ඉපදීම.
  4. අලස නොවීම.
  5. නොහික්මුණු ක්‍රියා නොකිරීම.
  6. කෙළතොලු නොවීම.
  7. ඤාණවන්තයෙකු වීම.
  8. තරුණ මදයෙන් මත්වුවකු නොවීම.
  9. අප්‍රමාදව ක්‍රියා කිරීම.
  10. මෝහයෙන් මුලා නොවීම.
  11. තැතිගැනීම් ( බියවීම් නැති බව )
  12. එකට එක නොකිරීම.
  13. ඊර්ෂියා නොකිරීම.
  14. සත්‍ය වචන ඇත්තෙකු වීම.
  15. කේලාම්,පරුෂ බස්,හිස් වචන කතා නොකරන්නෙකු වීම.
  16. දිවා රෑ අලස බවින් මිදි සිටීම.
  17. කළ ගුණ දන්නා බව.
  18. කළ උපකාරවලට ප්‍රති උපකාර කිරීම.
  19. මසුරු මල නැති බව.
  20. ත්‍යාගශිලි බව.
  21. මහා සිල්වතෙකු වීම.
  22. සෘජු ගති ඇත්තෙකු වීම.
  23. ක්‍රෝධ නැති සත්පුරුෂයෙකු වීම.
  24. පව් කිරීමට ලැජ්ජා වීම.
  25. පව් කිරීමට බිය වීම.
  26. සෘජු අදහස් ඇති වීම.
  27. මනා ප්‍රඥාන්තයෙකු වීම.
  28. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයෙකු වීම.
  29. ආර්ථික,අනර්ථය,වැටහෙන හසල බුද්ධිය ඇතිබව.
  30. සෑම විටම අන් අයගේ උදව් උපකාර ලැබීම.

 

එසේනම් ඔබත් මමත් එකම මඟට වැටී ලොව තුළ ඉදිරියට යාමට සූදානම් වෙමි.

 

නැවත අපි හමුවෙමු නේද?

 

 

අභිධර්මාචාර්‍ය ඊ. ඉන්ද්‍රා විජයලතා වෙරළ

© Buddhist Brotherhood

You might also like
en English
X
X