Temples of Sri Lanka

කොවිඩ් රැල්ලෙන් පීඩාවට පත් සහෘද ඉන්දීය ජනතාවට සෙත් පැතීම

ඔබ සැමට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ ලැබේවා!!!

කොවිඩ් රැල්ලෙන් පීඩාවට පත් සහෘද ඉන්දීය ජනතාවට සෙත් පැතීම උදෙසා, 2021ක් වූ අප්‍රියල් මස 29 වන දින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේදී .

විහාරාධිපති,අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුව මහින්දවංශ මහනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, සවස 5.00 ට රතන සූත්‍රය සජ්ඣායනා කිරීමේ මහඟු පුණ්‍ය කර්මය ශ්‍රද්ධා පෙරටුකොටගෙන සිදු කළෙමු.

බෞද්ධ සහෝදරත්ව සංවිධානය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිදු කළ මෙම පුණ්‍යක්‍රියාව සඳහා මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ඣායනය සඳහා සහභාගී විය.

එමෙන්ම මේ සඳහා ඉන්දීය තානාපති කාර්යාලය නියෝජනය කරමින් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක,ආචාර්ය රෙවන්ත් වික්‍රම්සිං මහතාද සහභාගී වූ අතර බෞද්ධ සහෝදරත්ව සංවිධානය නියෝජනය කරමින් එහි සභාපති තුමන් වන, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද, එම අවස්ථාවට සහභාගී විය.

දහම් මඟ හෙළි කළ යුතුම කාලයක සහෘද ඉන්දීය ජනතාව වෙනුවෙන් මෙවන් පුණ්‍ය කර්මයක් සිදු කිරීමට ලැබීම මහඟු භාග්‍යයකි.

සියලුම ආගම් වල , සියලුම බැතිමතුන්, තම තමන්ගේ ආගම් වල නිසි අයුරින් හැසිරෙමින්, ඔබ අප සියලු ම දෙනාගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති මෙවන් යුගයක,අප, ඔබ වැළඳගත් අපේම වූ ධර්මය, ක්‍රියාවට නංවමින් එහි ම වූ පිළිසරණක් පැතීමට අවශ්‍යම වූ යුගයයි.

අප අපගේ ධර්මයෙන් ,අප අපගේ සිතුවිලි වලින් පිරිසුදු සංස්කරණයකට පැමිණිය යුතු කාලය වඩ වඩාත් ළංව ඇත.

තමාගේ ආරක්ෂාව පමණක් නොව ,තමාගේ කුටුම්භය තුළ වූ ආරක්ෂාව පමණක්ද නොව ,සමස්ත සමාජය හා විශ්වයේම වූ ආරක්ෂාව වෙනුවෙන් කැප වීමට ඔබ අප ඉටා ගත යුතු කාලයයි මේ .

මේ සමානාත්මතාවය පිළිබඳ වූ කරුණු උද්දීපනය කරලීමට අවැසි හෘදයාංගම කාලයයි.

හෙළ සෞන්දර්යාත්මක සංසිද්ධීන් සංවර්ධනය කිරීමට හා සෞන්දර්ය සිතිවිලි උද්දීපනය වීමට ආභාෂයන් දායාද කළ, ආදරනීය සහෘද ඉන්දියානුවන් හට සිදුව ඇති වත්මන් ඛේදනීය වූ අනතුරෙන් ගලවා ගැනීමට අවැසි වූ ආශිර්වාදයන් තව තවත් එක් කරමින්,උතුම් මිනිස් ගුණාංගයන් ගෙන් හෙබි ජාතියක් ලෙස,
සහෘද අසල්වාසීන්ගේ අභිවෘද්ධිය අපේක්ශා කරමු.

ඔවුන්ගේ නිරෝගිමත් හෙට දිනය උදෙසා ප්‍රාර්තනා එක් කරමු.

එම ශක්තියේ ආශිර්වාදයෙන් සාර්ථකව නැගී සිටීමට අවශ්‍ය චිත්ත ශක්තීන් වර්ධනය වේවා!!!

ශීග්‍රයෙන් පැතිරෙන්නා වූ ව්‍යසන තත්ත්වය ක්‍රමයෙන් හීන වේවා !!!

බුදුන් උපන් දේශයේ හෙට දිනය බුද්ධ ශක්තියේ මහිමයෙන් ඔප් නැංවේවා !!!

ජාතියක් ලෙස ඔබ දේශයට උතුම් සම්මා සම්බුදු සරණ ලැබේවා!!!

මේ බෞද්ධ සහෝදරත්වයේ ප්‍රාර්ථනයයි…

You might also like
en English
X
X