Temples of Sri Lanka

කොවිඩ් රැල්ලෙන් පීඩාවට පත් සහෘද ඉන්දීය ජනතාවට සෙත් පතමු……

2021ක් වූ අප්‍රියල් මස 29 වන දින වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේදී …..
විහාරස්ථානාධිපති,අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුව මහින්දවංශ මහනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අද දින සවස 5.00 ට රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

බෞද්ධ සහෝදරත්ව සංවිධානය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිදු කරන්නා වූ මෙම පුණ්‍යක්‍රියාව සඳහා මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා ඒ සඳහා සහභාගි වීමට නියමිතය.

එමෙන්ම මේ සඳහා ඉන්දීය තානාපති කාර්යාලය නියෝජනය කරමින් ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක,ආචාර්ය රෙවන්ත් සිං මහතාද සහභාගී වන අතර බෞද්ධ සහෝදරත්ව සංවිධානය නියෝජනය කරමින් එහි සභාපති තුමන් වන, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද, එම අවස්ථාවට සහභාගී වනු ඇත.

මෙම පිරිත් සජ්ඣායනය බෞද්ධ සහෝදරත්ව සංවිධානයේ ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශය කිරීමට ද අපේක්ෂා කරමු.

You might also like
en English
X
X