Temples of Sri Lanka

ඔබව දිනවන්නට හිතන්නට යමක් …

විවිධ දේ මිනිසා නොපෙලුවත් , විවිධ දේ ගැන සිතන ආකාරය නිසා මිනිසා පෙළීමට පත්වේ.

මරණය යනු භයානක දෙයක් නොවෙයි. නමුත් මරණය පිළිබඳව බිය ඇත්තේ අප මනස තුළ පමණයි. දුක ගැන නිතරම සිතීම නිසා සතුට නැති කරන්නට එය හේතු සාධකයක් වෙයි .

මහ පොළොව මත ජීවත් වීමට ඇති ආශාව නිසාම, මරණය කෙරෙහි අසාමාන්‍ය ආකාරයේ බියගුලු කමක් දක්වයි.ඒ හේතුවම විකාරයක් සේ සිතේ යම් දේ උපදවයි.ඒ නිසා ම පුද්ගලයා සත්‍ය උදෙසා වුවත් අවධානයක් නොගනී.

රෝගයකින් හෝ අනතුරකින් මෙලොව ඇති තමාගේ ජීවිතය අහිමි වේ යැයි නිරන්තර බියකින් පසූවේ.

මරණය අනිවාර්ය දෙයක් බව අවබෝධ කරගත යුතු වගේම ,මෙම අනිවාර්ය දේ පිළිබඳව මෝඩ ලෙස සිතීම ම දෙව්ලොව ඉපදීම වැනි තෘෂ්ණාධික බලාපොරොත්තු වෙත පුද්ගලයා යොමු කරයි.

මෙමගින් ගැලවීමට විශ්වාසදායි මගක් ඇත. එනම් අන්‍යයන්ට සේවය කිරීම මගින් “මම” යන්න අමතක කිරීමයි .

පුද්ගලයා ගේ ඇතුලට නැඹුරු වූ ආදරය එනම් තමාට ඇති ආදරය පිටතට පැමිණ, අන්‍යයන්ට උදව් දීම තුල සතුට උදා කරයි .දුෂ්ට සිතුවිලි ආත්මාර්ථකාමී බැඳීම් සහ බලාපොරොත්තු සහ උඩඟු කම අමතක වෙයි.

සිය යුතුකම් සහ කාර්යයන් අවසන් කර සාමකාමී මරණයකට සියලු දෙනාම සූදානම් වීමට කැමතිය .නමුත් කීදෙනෙක් මේ සඳහා සූදානම් වෙයිද ?

නිවැරදිව සිය පවුල නෑදෑයින් මිතුරන් රට ජාතිය ආගම උදෙසා සිය යුතුකම් ඉටුකිරීමට කීදෙනෙක් මහන්සි ගන්නවාද?

යමෙක් මෙම යුතුකම් කිසිවක් ඉටු නොකර මරණයට පත් වේ ද ඔහුට කිසි විටකත් සාමකාමී මරණයක් බලාපොරොත්තු වීම කළ නොහැකි දෙයක් ..

බොහෝ මිනිසුන් මළ සිරුරු වලට බය වෙනවා. නමුත් ජීවත්වන සිරුරු මළ සිරුරුවලට වඩා අනතුරුදායකයි .ඒ බව ඔවුන් දන්නේ නෑ වගේ ඉන්නවා.ජීවත් වෙන සිරුර අජීවී මළ සිරුරු වලට වඩා බොහෝ මිනිසුන් බිය ගන්නවා..

ඔබට ඔබගේ යුතුකම් ඉටු නොකර මෙලොව හැර යාමට සිදු වුවහොත්, ඔබගේ උපතින් හෝ හෝ ඔබ මෙලොවට කිසිම යහපතක් නැති පුද්ගලයෙක් සේ මෙලොව හැර ගිය කෙනෙක් බවට පත්වෙනවා .

ඔබ ඔබේ යුතුකම් මනාව ඉටු කරන්න. සමාජයට ඔබෙන් විය යුතු යුතුකම පිළිබඳව දෙවරක් සිතන්න. එය ඔබට ඔබගේ මරණය වෙත නිර්භීතව සහ සන්සුන් ව යොමු වෙන්නට හැකියාව ලඟා කරවන්නක් .

මරණය සාමකාමී එකක් බවට පත් කර ගැනීමට නම්, සමාජය වෙත ඉටුකළ යුතු යුතුකම් පිළිබඳව සහ හැඟීම්බරව සිතීමට හුරු වන්න .අන්‍යයන්ට ආදරය කිරීමට හුරු වූ සිතක් තුළ පිටතට නැඹුරු වන්නේ ආදරය යි.

අන්‍යයන්ට උදව් කිරීම තුළ ඇති කරන්නා වූ සතුට දුෂ්ට සිතිවිලිවලින් ආත්මාර්ථකාමී හැඟීම් වලින් තමාගේ සිත මුදවා ගැනීමට දෙන උදව්වක් .

යුතුකම් කිසිවක් ඉටු නොකර සමාජය වෙත දායාද කන නපුරු දේවල් වලින් මරණයට පත්වන්නට යමෙකුට සිදුවේද… ඔහු තුළ සාමකාමී මරණයක් බලාපොරොත්තු විය නොහැකි ම ය .

සුවදායි අවසානයක් කරා පැමිණීමට නම් මනුෂ්‍ය සංහතියටම පරාර්ථකාමී අදහස් පතුරුවමින් සමාජයටම එක සේ මෛත්‍රී වඩන්නකු බවට පත් විය යුතුය .

තම අධික වූ බලාපොරොත්තු නිසා මිනිසා පීඩනයට පත් වන්නා වූ සිත නිසා ම මිනිසුන් බොහෝ කරදරවල වැටෙන වර්තමානයක් අපට දක්නට ලැබෙනවා.සිත නිසා දුකට පත් වෙන මිනිස්සුන්ට කාරුණික වන්න .ඔබ මේ රෝගී ලොව තුළ නිරෝගි පුද්ගලයකු ලෙස හැසිරීමට හිතාගන්න .

මේ ශක්තීන් ප්‍රබල ලෙස වර්ධනය වන කල්හි, ඔබව සාමකාමී වූ මරණයක් කරා යොමු කිරීමට සොබාදහම ඉඩ ලබා දෙනු ඇත.

මෙලොව එළිය දුටු තමන් තමන්ගේ කාර්යයන් හරි හැටි ඉටු කොට ,නිදහස් මනසකින් සාමකාමී මරණය වෙත පිය නගන්නේ නම් තමාගේ ආත්මයම සුවපත් වෙයි .

ඒ නිසා තමාගේ යුතුකම තමා විසින් ඉටු කිරීමට අදිටන් කරගන්න .

මෙලොව හැර යන දා ඔබගේ උපතින් ඔබට හෝ මෙලොවට යහපතක් නො නොවූයේ නම් ඔබගේ යුතුකම මනාව ඔබ ඉටු කිරීමට අසමත්ව ඇත .

සුවදායි අවසානයක් කරා…. මිනිසාට, මිනිස් හිතට, මිනිස් සංහතියට, මිනිස් සමාජය, වෙත තමාගේ ආදරණීය බව ගෞරවයෙන් පුද දෙන්න …
තෙරුවන් සරණයි …

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X