Temples of Sri Lanka

Navam Poya Day is Today!

සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු නවම් පුන් පොහොය දිනය අදට යෙදී තිබේ.

සම්බුදු සසුනෙහි පහළ වූ මහගු බුදු පුතුන් වන සැරියුත් – මුගලන් දෙනම වහන්සේලා සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේ අද වැනි පොහොය දිනකය.

බුදු සසුනෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සම්මේලනය සිදුවූයේත් නවම් පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයුසංස්කාරය හළේත් අද වැනි පොහොය දිනකය.

නවම් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අද දිනයේ ශ්‍රී ලංකාවේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන, ශීල, භාවනා ඇතුළු පිංකම් රැසක් සිදුකෙරේ.

තායි බැතිමතුන් ඉහලින් සමරන මකබූචා දිනය වන්නේ ද නවම් පොහොය දිනයයි. මේ වෙනුවෙන් අද දින ලොව විශාලතම විහාරස්ථානය ලෙස හැදින්වෙන ධම්මකාය විහාරයේ සැදැහැවතුන් දස දහස් ගනනකගේ සහභාගිත්වයෙන් සුවිශේෂී වැඩසටහනක් පැවැත්වෙනු ඇත.

You might also like
en English
X
X