Temples of Sri Lanka

මිතුදම් සුරැකෙන ගුණදම් …

මිතුදම් සුරැකේ ගුණදම් වලින් ….

මිනිස් සමාජයේ මිතුරන් නැති කෙනෙකු සොයා ගැනීම අපහසුයි අපි සෑම දෙනාම පාහේ මිතුරු ඇසුර ප්‍රිය කරමු එහෙත් අප ඇසුරට ලැබෙන සියලු මිතුරන් නිසැකයෙන්ම මිත්‍රත්ව ලක්ෂණවලින් යුක්ත වේ යැයි කිව නොහැකි තරම්. ඇතැමුන් ක්‍රියා කරන පිළිවෙළ අනුව ඔවුන් හැදින්විය යුත්තේ රූකඩ මිතුරන් හෙවත් මිතුරන් මෙන් පෙනී සිටින නො මිතුරන් ලෙසයි. සැබෑ මිතුරෙකුගෙන් තම මිත්‍රයාට කිසිවිටෙක උපකාරයක් මිස අපකාරයක් නම් සිදු වෙන්නේ නෑ

ඇතැම් මිත්‍රයන් පාප මිත්‍රයන් වන අතර සමහර කල්‍යාණ මිත්‍රයෝ වෙති. පාප මිත්‍රයන් ඇසුරු කරන්නා පිරිහෙන අතර කල්‍යාණ කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා දියුණුවට  පත් වෙයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පුද්ගලයකුගේ මෙලොව දියුනුවට අවශ්‍යම කරුණක් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ එබැවිනි

අප කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු අතර අප ද අන් අයට කල්‍යාණ මිත්‍රයෙක් වීමට උත්සාහ ගත යුතුයි අයගේ කල්‍යාණ මිත්‍රයකු බවට පත්විය හැකි වන්නේ කල්‍යාණ මිත්‍ර ලක්ෂණ අප සතුව වගා කර ගත්තොත් පමණයි

බුදු දහම අනුව කල්‍යාණ මිත්‍රයන් ලෙස හැඳින්වෙන්නේ

ගුණ නැණ දෙකෙන් උසස් වූ පුද්ගලයින් ….

ශ්‍රද්ධා සම්පන්න වීම 

සිල්වත් වීම 

පරිත්‍යාගශීලී වීම 

ප්‍රඥාවෙන් හා ගුණවත් බවින් යුක්ත වීම 

කල්‍යාණ මිත්‍රයාගේ ප්‍රධාන ලක්ෂණ .

එම කල්‍යාණ මිත්‍ර ලක්ෂණ දියුණු කර ගැනීමට බෙහෙවින් උනන්දු වෙමි යන සිතුවිල්ල අප තුළ පැවැතිය යුතුයි. භක්තියෙන් යුක්තව බුදුන් වැඳ නමැද තෙරුවන් සරණ යාමෙන් තෙරුවන්ට ගරු කරමින් ඉතා ඕනෑකමින් පන්සිල් රකිමි ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදමි නුවණින් කටයුතු කරමි ඒ අතර සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් වන මිත්‍රත්ව ලක්ෂණ වර්ධනය කරගැනීමටත් මිත්‍ර ප්‍රතිරූපක ලක්ෂණ දුරින් දුරු කිරීමටත් මහන්සි වෙමි මේ සිතුවිල්ල අප අතර   තිබිය යුතුයි

මිතුරා කෙරෙහි පරිත්‍යාගශීලි වීම මිත්‍රත්ව ලක්ෂණයක් එය හැඳින්වෙන්නේ දාන යනුවෙන් මිතුරාගේ අවශ්‍යතා හඳුනාගෙන ඔහුගේ ඉල්ලීමකින් තොරව මගේම කැමැත්තෙන් එම අවශ්‍යතා ඉටු කර දීමට ඉදිරිපත් වෙමි මා ඔහුට පරිත්‍යාගයක් කරන්නේ කිසියම් ප්‍රතිලාභයක් පිළිබඳ අදහස පින් හෝ ඔහුගෙන් ප්‍රති උපකාර බලාපොරොත්තුවෙන් හෝ නොවෙයි මිතුරා යමක් ඉල්ලූ විට බොරුවෙන් නො රවටා හැකි උපරිම මට්ටමින් ආධාර කිරීම මගේ සිරිතයි.

මිත්‍ර ප්‍රතිරූපකයන් මෙන් මිතුරාට කිසිවක් නොදී ඔහුගෙන් යමක් ලබා ගැනීමට හෝ සුළු දෙයක් දී වැඩි දෙයක් ලබා ගැනීමට උත්සාහ නොකරමි ආත්මාර්ථකාමී ලෙස මිතුරන් ඇසුරු කරන ගතිය කල්‍යාණ මිත්‍ර ලක්ෂණයක් නම් නොවෙයි

මිතුරා හට ප්‍රදානය කළ  ලෙස ප්‍රිය වචන කතා කිරීම කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ ලක්ෂණයක් සැඩ පරුෂ වචන ඇසීමට කිසිවෙක් කැමති නොවේ නිදහස් වචන වලට තිරිසන් ගත සත්තු පවා කැමති වෙති පුහු මානයෙන් යුතුව සැඩ පරුෂ වචන භාවිතයෙන් පුරසාරම් කීමෙන් මිත්‍රත්වයක් ගොඩ නගා ගත නොහැකි බව මම දන්නා කරුණක් එබැවින් සුහද ලෙස ප්‍රසන්න වදනින් මිතුරන් අමතමි මිතුරෙකු අතින් සිදු වූ වරදක් මා පෙන්වා දෙන්නේ කාරුණික මෘදු මොළොක් වචන භාවිතා කරමින් බව මම තරයේ සිතමි මේ අවංක උතුම් මිත්‍රත්ව ලක්ෂණයයි

මිතුරාගේ දියුණුවට කටයුතු කිරීම හෙවත් අර්ථ චර්යාව ද කල්‍යාණ මිත්‍ර ලක්ෂණයක් අවංකවම මිතුරාගේ දියුණුව ප්‍රාර්ථනා කරන්න.මා කරන්නේ මිතුරාට යහපත් වන දෑ. කතා කරන්නේ ඔහුට යහපත් වන වචන සිතන්නේත් ඔහුගේ දියුණුව ගැන පවිටු මිතුරන් මෙන් කිසිදු නොපනත්කම් සඳහා ඔහුව නොපොළඹවමින් කටයුතු කරමි.

නොමනා ක්‍රියාවකට ඔහු මට ආරාධනා කළ හොත් එය නොපිළිගෙන ආදීනව ඔහුට කියා දීම මාගේ යුතුකමක් කොට සලකමින් කිසිදිනෙක මිතුරා සමග තැබෑරුම් හෝ සූදු ක්‍රීඩා කාර වැනි චරිත දූෂණයට ඉවහල් වන තැන් වලට නොයමින් මිතුරා ද එබඳු තැන් වල යාමෙන් වළක්වාලමින් ඒවාට අනුබල දෙන මිත්‍රයා සැබෑ මිතුරකු නොව රූකඩ මිත්‍රයෙකි.

පාප මිත්‍රයෙකි එබන්දන් ඇසුරු නො කරමි .

මා සුහද මිතුරන් ද එබඳු අයගේ ඇසුරෙන් බැහැර කරවමි මෙබඳු වරද වලට යොමු වූ පුද්ගලයන් සුහද මිතුරන් නොවූවත් අවවාදයෙන් ඔවුන් සුමඟට යොමු කරවා ගත හැකි නම් ඊටද ඉදිරිපත් වෙමින් ඔවුන්ට කරුණු වටහා දීමට වෙර දරමි

සමානත්වයෙන් සැලකීම තවත් කල්‍යාණ මිත්‍ර ලක්ෂණයක්  මිතුරන් ඇසුරු කරන්නේ සමාජ තරාතිරම ආර්ථික ශක්තිය ආදී කිසිදු භේදයක් නොසලකමින් අගය කරන්නේ මිත්‍රත්වය සහ මිතුරාගේ ආදර්ශවත් නිරහංකාර උසස් ගුණාංග මිස සමාජය විසින් ගොඩනඟා ඇති උස් පහත් භේදය වැනි තර්කානුසාරී නොවන බෙදීම් නොවෙයි එකට හිඳ ගැනීම ආහාර ගැනීම් ආදියෙන් මෙන්ම කතාබහ කරන විලාසය ද එම සමානාත්මතාව  පළකරමින් මිතුරා ගේ දුක සැප දෙකේදීම මම ඔහු සමග සිටිමි සිටිමින් කටයුතු කරමි පරාජිත හැඟීමක් මිතුරා තුළ ඇති නොවන ආකාරයට ඔහුගේ චිත්ත ධෛර්යය ධෛර්යය වැඩ කටයුතු කරමි

නොරැවටෙන ගතිය කල්‍යාණ මිත්‍ර ලක්ෂණයක් අවංක භාවයෙන් තොරව නියම මිත්‍රත්වයක් ගොඩනඟා ගත නොහැකියි   මිතුරන්ව නොරැවටීම මිත්‍රත්වය උතුම් ලක්ෂණයක් කිසියම් උපකාරයක් ඉල්ලූ විට උපකාරය මීට පෙර ඉල්ලූවේ නම් කළ හැකිව තිබිණ යි කියමින් හෙට අනිද්දා මෙය කළ හැකිය කියා උපකාරයන් මගහැරීම ප්‍රතිපත්තියක් නොවේ අවශ්‍ය අවස්ථාවේ කළ හැකි උපකාරයක් කිරීමත් කළ නොහැකි යමක් නම් ඒ බව අවංකවම පැවසීමත් ස්වභාවයයි මිතුරා ඉදිරියේ දී ඔහු වර්ණනා කොට ඔහු නැති තැන ඔහුගේ අගුණ කීම ඇතැමුන්ගේ සිරිතක්

ආටෝප බස් දෙඩීම අවංක මිත්‍රයාගේ ලක්ෂණයක් නම් නොවේ මිතුරුකම නිසාම මගේ මිතුරා නොසඟවා මට කියන දේ නොකිව යුතු අයට නොකියා ආරක්ෂා කරමි එයත් මිත්‍රත්වයේ ලක්ෂණයක්

නොමඟ ගිය මිතුරාත් ඔහුගේ වස්තුවත් ආරක්ෂා කිරීම හොඳ මිතුරෙකු ගේ ලක්ෂණයක් ඇතැම් විට මගේ මිතුරන් අතර අහිංසක වැරදි කරන අය ද සිටිය හැකිය ඔවුන් එම වැරදි ක්‍රියාවෙන් මුදවා ගන්න මා උනන්දු විය යුතුයි ඔවුන් ආරක්ෂා කිරීම මගේ යුතුකමක් තවමත් යහමගට නොපැමිණි මගේ මිතුරකු තවදුරටත් වරදට යොමු වීමෙන් ආරක්ෂා කර ගැනීමට මට යුතුකමක් ඇත මිතුරෙකුට කවර හෝ උපද්‍රවයක් සිදු වූ විට ඔහු පමණක් නොව ඔහු සතු මිල මුදල් හෝ අන් සියලුම දේ හැකිනම් හැකි නම් ඔහුගේ නිවසේ ඇති දෑත් ආරක්ෂා කර දීමට පසුබට නොවෙමි මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වූ මිතුරා එයින් ගලවා ගෙන අත්හැර කටයුතු කරමින් ඉතා කාරුණිකව ඉවසීමෙන් යුතුව වරදින් මුදවා ගැනීමට උත්සාහ දරමින් අවවාද සුදුසු වැඩිහිටියන් ළමා අවවාද කර වීමෙන් ඔහු තුළ හීනමානයක් ඇති නොවන පරිදි එම පුරුදු වත් හැරවීමට උත්සාහ ගනිමි

මිතුරෙකුට භයක් පැමිණි විට පිහිටවීමෙන් විපතේ දී අතහැරීමෙන් යහපත් මිතුරෙක් ලක්ෂණ පෙන්වයි මා විපතකට පත් වූ විට මගේ මිතුරන් මා අත් හැරිය හොත් පිහිටට නොපැමිණියහොත් එබඳු මිතුරන්ගෙන් ප්‍රයෝජනයක් නැත එබඳු අවස්ථාවක ඇතිවන වේදනාව වැනි වේදනාවක් විපතට පත් මගේ මිතුරාට ඇති වන බව මම දනිමි එබැවින් විපතට පත්වු කල අත් නොහරිමි කරදර පැමිණි කළ සෑම උපකාරයක් ම කරමි බිය ඇතිවීම විපත්වලට ගොදුරු වීම කාටත් සාධාරණ නමුදු පිහිටා වශ්ය අවස්ථාවලදී ලංවෙමින් විපතේ දී මග හැර නොයන තැනැත්තෙක් බවට මා පත් වෙමි

මිතුරා ගේ නෑදෑ හිතවතුන් මගේම නෑ හිතවතුන් කොට සලකමින් පවුලේ අයට ඉටුවිය යුතු යුතුකමක් ඉටු කිරීමට ඔහු අපොහොසත් වන තැනදී ඒ සඳහා ඉදිරිපත් වෙමින් මිතුරාගේ ඥාතීන්ට අඹුදරු ආදීන්ට නොපමාව සැලකිලි දැක්වීම නියම මිත්‍රත්ව ලක්ෂණයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබීමත් එම දේශනාවේ අගය තේරුම් ගැනීමත් නිසයි.

එවිට මගේ මිතුරන් අතර ප්‍රියශීලී පුද්ගලයෙක්  බවට පත්වන බව මට වැටහී ඇත එවිට අප අතර මිතුදම තවදුරටත් ආරක්ෂා වෙයි

මිතුදම් සුරැකෙන ගුණදහම් වැඩි දියුණු කර ගනිමින් අන් අයටද ආදර්ශවත් කල්‍යාණ මිත්‍රයකු වීමට එසේම එබඳු ම ගුණදම් වලින් යුතු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට දැඩි සේ අධිෂ්ඨාන කර ගනිමු

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood

You might also like
en English
X
X