Temples of Sri Lanka

මිනිසාට දෙවියොත් වදිනවලු …

සමාජයේ ජීවත් වන බොහෝ අය තම බලාපොරොත්තු සාර්ථක කර ගැනීම සඳහා දෙවියන්ගේ පිහිට පතති.විවිධාකාරයෙන් කන්නලව් කරමින් දෙවියන් සඳහා වැඳුම්පිදුම් ද කරති. සියලු දෙවියන් අතර ප්‍රධානත්වය දරන්නේ ශක්‍ර දිව්‍ය රාජයාය. සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ හි දැක්වෙන අන්දමට ඒ ශ්‍රේෂ්ඨ වූ ශක්‍ර දිව්‍ය රාජයා පවා අඹුසැමි යුතුකම් ඉටුකරමින් සිල්වත් ව කුසල් දහම්හි යෙදී කල්ගත කරන මනුෂ්‍යයන්ට දවසකට දෙවරක් නමස්කාර කරන බව ද සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් සතු ගුණ ධර්ම මැනවින් ඉටු කරමින් කල් ගත කරන මනුෂ්‍යයා දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන තත්ත්වයට පත්වන බවයි .

පවුලක් යනු ස්වාමි-භාර්යා දූ දරු ආදීන් ගෙන් සැදුම්ලත් එක් නිවසක ජීවත්වන අය යයි ලිහිල්ව අර්ථ ගැන්විය හැකිය. මෙවැනි අයගේ එකතුවක් ඇති නිවසක් දිව්‍ය විමානයක් හෝ නැතිනම් අපායක් කර ගත හැකිය. කුමන ලස්සනට මන්දිර නිමවා තිබුනත්, අඹුසැමියන් අතර සුහදත්වය හා මිත්‍රත්වය නොමැතිනම්, එකී නිවස අපායකට සමාන වෙයි. ඔවුන් ඔවුන්ගේ යුතුකම් මැනවින් ඉෂ්ට කරමින් සිරිත් විරිත් අනුගමනය කරමින් කුඩා පැල්පතක ජීවත් වුවත් උසස් ගුණ ධර්මයන් හේතු කොටගෙන වසන ඒ නිවස, දිව්‍ය විමානයක් කරගත හැකි බව බුදු දහම මගින් අවධාරණය කොට ඇත.

අඹුසැමියන් සැදැහැවත් ව සීල සම්පන්න ම උසස් ගුණධර්ම ආරක්ෂා කරමින් ජීවත් වෙයි ද ඔවුහු දෙවො දෙවියා සද්ධිං සංවසති යනුවෙන් ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙන අන්දමට දෙවියකු දෙවඟනක සමඟ ජීවත් වන තත්වයට පත්වෙති.

සමහර අය ඉතා සුහදත්වයෙන් යුග ජීවිත ගත කිරීම ආරම්භ කලත්, වැඩි කලක් ගතවීමට පෙර ඔවුනොවුන් නොරුස්නා තත්ත්වයකට පත්වන බවක් පෙනේ. මෙවැනි අවස්ථාවල විශේෂයෙන් කාන්තා පක්ෂයට අපමණ දුක් ගැහැට වලට මුහුණ පාන්නට සිදු සිදුවෙයි .විද්‍යාව අතින් සමාජය මොන තරම් දියුණු වුවත් සමහර ස්ථානවල කාන්තාවන්ට සදාචාරාත්මක නිදහස් දිවියක් ගෙවීමේ වාසනාවක් ලැබී ඇති බවක් නොපෙනේ .ප්‍රාග් බෞද්ධ යුගයේ පැවති බමුණු මත තවදුරටත් කරට ගෙන සමහර ස්වාමිපුරුෂයෝ භාර්යාවන්ට හිරිහැර කරමින් දාස තත්වයේ තබාගැනීමට උත්සාහ ගන්නා බව නොයෙක් සිදුවීම්වලින් පැහැදිලි වෙයි .

සාර්ථක ගෘහ ජීවිතයක් ගෙවීමට අඹුසැමියන් විසින් ඔවුන් සතු යුතුකම් මැනවින් ඉටු කළ යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ සිඟාලෝවාද සූත්‍රයෙහි ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට කළ යුතු සංග්‍රහ පහක් ගැන සඳහන් වෙයි
සුදුසු පරිදි ගරු කිරිම
අවමන් නොකිරීම
භාර්යාව නොඉක්මවා හැසිරවීම
තමා සතු වස්තුව පැවරීම
ඇඳුම් පැළඳුම් ගෙනවිත් දීම යනු ඒවායි…

ඒ සමඟම භාර්යාව විසින් ද ස්වාමි පුරුපුරුෂයාට කළ යුතු සංග්‍රහ පහකි.

ස්වාමියාගේ කටයුතු මැනවින් සිදු කිරීම
තමාගේ මෙන්ම ස්වාමි පුරුෂයාට අයත්
ජනයාට හොඳින් සංග්‍රහ කිරීම
ස්වාමිපුරුෂයා නොඉක්මවා හැසිරීම
ලැබෙන වස්තුව මැනවින් ආරක්ෂා කිරීම ලොකු කුඩා සියලු කටයුතු වල අලසකමින් තොරව දක්ෂ ලෙස යෙදීම යනුයි…

සමාජය තුළ අද තත්වය.. තරු පහේ හෝටල් වලට ලක්ෂ ගණනින් මුදල් ගෙවා අතිනත ගැනීමේ උත්සවය මහත් උජාරුවට පවත්වමින් ඇඟිලි එක්කොට බැඳි නූල් පට දිරායාමටත් පෙර වෙන්වීමට උසාවි වල පිහිට පතා යන අය මේ අතර සිටීමයි .

එසේත් නොමැති නම් සමහර අය ඇනුම් බැනුම් සහිතව මහත් අප්‍රසන්න වූ යුග ජීවිත ගත කිරීමට පෙලඹී සිටිති .විමසිලිමත්ව බලන විට පෙනී යන්නේ ඉතා සුළු ප්‍රශ්න මුල්කොට ගෙන වහා කෝප වීමෙන් නොවේ නම් අහංකාරයෙන් මත් වීම නිසා එවැනි තත්ත්වයන් ඇතිවී තිබෙන බවයි.

භාර්යාව මෙන්ම ස්වාමි පුරුෂයා ද බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ අනති චරියා යන උපදේශය අනුව යමින් ඔවුනොවුන් නොඉක්මවා හැසිරීම සාමකාමී ගෘහ ජීවිතයක් කෙරෙහි තදින් බලපායි. ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකු විසින් රැකිය යුතු පංචශීල යන්හි තෙවන ශික්ෂා පදයෙන් පෙන්වා දී ඇත්තේ එයයි .අප රටේ ඇති සමාජය මේ පිළිබඳ දැඩි පිළිගැනීමකින් ක්‍රියා කළ බව පෙනෙයි . ශ්‍රී ලංකාව පාලනය කළ රාවණා රජතුමා මේ රටට පැහැරගෙන ආ සීතා කුමරිය දොළොස් වසරක් තමා ළඟ සිර කොට තබා ගත් බව රාමායනය සඳහන් කරයි. අවසානයේ නැවත ඉන්දියාවට ගිය සීතා කුමරියට තමන්ගේ පතිවෘත්තාව මැනවින් ආරක්ෂා වූ බවට උදම් අනන්නට හැකි වූයේ ප්‍රධාන පාලකයා ඇතුළු මේ රට වාසීන් තුළ එදා පැවැති සදාචාර සම්පන්න පැවැත්ම නිසා බව අමතක කලයුතු නොවේ.

පවුල් ජීවිතයට ජීවිතයක සාර්ථකත්වය සඳහා ඉතා සියුම් කරුණු කෙරෙහි ද බුදුරජාණන් වහන්සේ තම සිත යොමු කොට ඇති බව භාර්යාවට සුදුසු පරිදි ඇඳුම් පැළඳුම් සපයා දීමේ වගකීම ස්වාමි පුරුෂයා වෙත පැවරීමෙන් පැහැදිලි වෙයි. වඩාත් කැමැති වන ඇඳුම් පැළඳුම් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් අතින් ලබාදීම තුළින් මතුකරන ගුණය සුවිශේෂ වූවක්. අඹුසැමි සබඳතා වැඩි වීමට මහත් සේ එය බලපායි.

අංගුත්තර නිකායෙහි දැක්වෙන සත්තභරියා සූත්‍රය මගින් පෙන්වා දී ඇති භාර්යාවන් වර්ග 7 කි.ස්වාමිපුරුෂයාට නිතර කරදර කරන වධක භාර්යාව ස්වාමිපුරුෂයාගේ දේපල සොරා ගන්නා චෝර භාර්යාව ස්වාමියා යටපත් කොටගෙන සිටින අය්ය භාර්යාව මවක හා සමානව ස්වාමි පුරුෂයාට සලකන මහතු භාර්යාව සොහොයුරියක හා සමාන භගිනි භාර්යාව යෙහෙළියක හා සමාන so දත් වැනි ක්‍රියා තත්ත්වයෙන් ක්‍රියාකරන සකී භාර්යාව දාසියක ලෙස ස්වාමියාට සේවය කරන දාසි භාර්යාව ඒ කොටස් හතට ඇතුළත් වෙයි මුලින් සඳහන් චෝර අයිය යන බව යවන්නේ ක්‍රියාකලාපදරුවන් මනාකොට හදාවඩා ගැනීම අපහසු වේ මාතු භගිනි සඛී දාසි යන නම්වලින් හැඳින් වූ අය නිසා බොහෝ නිවෙස් සාමකාමී අභිවෘද්ධි දායක තත්ත්වයකට පත්වෙයි .

විවාහ ජීවිතයක ප්‍රධාන බලාපොරොත්තුව දරු ප්‍රජාව තුළින් තම පරපුර නොසිඳී ආරක්ෂා කර කරගැනීම බව කාලිදාස මහා කවියා රඝුවංශය නම් තම කෘතිය තුළින් පෙන්වා දී ඇත.ඒ අන්දමට දරුවන් බිහි කිරීම පමණක් නොව හොඳ දරුවකු සාදා ගැනීමට බලාපොරොත්තු වන මව්පියන් තම දරුවන්ට උසස් පාසලක් ලබා දීමට හෝ කෑම බීම යාන වාහන පහසුකම් සලසා දීමට ක්‍රියා කිරීමටත් වඩා අවශ්‍ය ප්‍රධාන කරුණක් වෙයි.අත්තාන මේව පඨමං පතිරූප නිවාසයේ යනුවෙන් හොඳ දරුවන් සැදීමට බලාපොරොත්තු වන මව්පියන් හොඳ ගතිගුණ තමන් වෙත ඇති කර ගැනීමේ අවශ්‍යතාව බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ.

අඹුසැමියන්ට සාමකාමී යුගදිවියක් ගෙවිය හැකි නම් ඔවුන් නිසා මවුපියන්ට ඇතුළු පරපුරෙහි බොහෝ අයට පුදුම තරම් සැනසිල්ලක් ලබාගත හැකි වෙයි .එය එක් අතකින් මවුපියන්ට කරන ලොකුම සැලකිල්ලයි ඒ සමගිය තුළින් තම දරුවන්ගේ අනාගත ජීවිතය සාර්ථකත්වයට පත් කිරීමට ද කළ හැකි කාර්ය බොහෝයි.ප්‍රධාන වන්නේ අප ජාතියේ මෙන්ම ආගම සතු සදාචාරාත්මක ගුණ ධර්ම දරු පරපුරට දායාද කොට ලබා දීමයි ලබාදීමයි වැඩිහිටියන් මේ පිළිබඳව දක්වන සැලකිල්ල බෙහෙවින් කණගාටුදායකයි. සමාජයේ සුචරිතවත් කිරීමේ කාර්යය ආරම්භ කළ යුත්තේ කුඩා සමාජය පවතින නිවෙස් වලින් .නිවෙස්වලින් ඒ කාර්යය ගුණවත් මවුපියන් විසින් දූ දරුවන් අතට පත් කරන ගුණ සමුදායන් තුළින් තුලින් සිදුකල යුතුයි. තම ජීවිතයෙහි වයෝවෘද්ධ කාලයෙහි කඳුළු නොසලා ජීවත් වීමට බලාපොරොත්තු වන වැඩිහිටියන් විසින් ආදර්ශ සම්පන්න වූත් කාරුණික වූ ජීවිත ගෙවීම අවශ්‍යයි.

සාමකාමීව ජීවත් වන ප්‍රීතිමත් අපි සැමියන් ප්‍රාර්ථනා කරන්නේ නම් මේ ආත්මය පමණක් නොව නිවන් දකින තුරු සසර බොහෝ වාර ගණනක් අඹුසැමියන් වශයෙන් එකතු ව ජීවත්වීමට හැකි බව ධර්මය මගින් පෙන්වා දී ඇත මඟින් පෙන්වාදී ඇත ඒ සඳහා අවශ්‍ය කරන ගුණධර්ම කීපයක් ඇත.

අඹුසැමි දෙදෙනා අතර තුරුණුවන් කෙරෙහි සම වූ සැදැහැවත් බව හාකරන කර්ම කෙරෙහි විශ්වාසයෙන් යුක්ත වීම

නිරන්තරයෙන් පන්සිල් රකිමින් හොඳ සිරිත් විරිත් අනුගමනය කරමින් ජීවත් වීම

අඹු සැමි දෙදෙන පිරිසිදුවූ සිතින් තමා සතු වස්තුව සමාජයේත් ශාසනයේත් සුභසිද්ධිය සඳහා පරිත්‍යාග කරමින් කටයුතු කිරීම

හොඳ නරක විමසා බලා සියලු නරක වැඩ වලින් ඉවත්ව යහපත් ක්‍රියාවන් සිදු කරමින් වඩාත් ධර්ම මාර්ගයෙහි යෙදී ජීවත්වීම

තුණුරුවන්ගේ හා දෙවියන්ගේ ආශිර්වාද ලැබෙණ සාමකාමී නිවසක් බවට පත්කර ගැනීමට මෙම උතුම් ගුණ දහම් බෙහෙවින් හේතු වන බව ඔබ සිතා කටයුතු කරන්න.

ඔබට තෙරුවන් සරණයි!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X