Temples of Sri Lanka

මේ දරුවා ඔබේ විය හැකියි….

ප්‍රචණ්ඩත්වයෙන් දරුවන් මුදවා ගනිමු …

ඉතා ළදරු අවධියේ සිටම ළමයාගෙ චර්යා රටාවන් හා හදිසි චර්යා වෙනස් වීම පිළිබඳව සැලකිලිමත් වීම ඉතා අවශ්‍යයි .කෝපය තරහ හා චිත්තවේග ඇතිවන අවස්ථා හැකි තරම් දුරට මඟ හැරීම ඉතාම සුදුසු දෙයක්. මුල සිටම කීකරු ස්වයං පාලනය ඇති වන ක්‍රම වලට ළමයින් හදාවඩා ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය ක්‍රියාවක්. චර්යා දැක්වීමට ඉඩ ප්‍රස්ථා නොසැලැස්වීම හා චණ්ඩ භාවයට දැඩි ශාරීරික දඬුවම් පැමිණවීම අනුමැතිය මගින් සම්බන්ධ නොදීමට වග බලා ගැනීමද අවශ්‍යයි .ඇතැම් චර්යා වෙනස් කිරීමට කිසියම් මට්ටමක දඩුවම් අවශ්‍ය නමුත් මෙම දඬුවම තීරණය කරන්නේ කෙසේ ද යන්න ද අප දැනුවත් විය යුතුයි.

මෙහිදී දඬුවම් කෙරෙහි ලමයින්ගේ ආකල්පය දැනගෙන සිටීමත් ඉතා වැදගත්. ළමයින් දඬුවම සම්බන්ධයෙන් දක්වනු ලබන ආකල්පය පිළිබඳව විවිධ පර්යේෂණ කරන පුද්ගලයින් පෙන්වා දී තිබෙන්නේ ළමයින්ගේ වයස් මට්ටම් අනුව දඩුවමේ ස්වරූපය පිළිබඳව දක්වන අදහස වෙනස් බවයි .

එම නිසා මෙම පර්යේෂණ පෙන්වා දෙන්නේ වඩා යුක්ති සහගත දඬුවම් ලමයින්ගේ චර්යා අනුකූලතාව වෙනස් කරන බවයි .ඒ නිසා ක්‍රියාවේ ප්‍රතිඵලය ඔහුටම විදින්නට හැරීම සහයෝගය හා සමුපකාරය අවශ්‍ය බවට අවවාද කිරීම හා තර්කානුකූලව පහදා දීම ආදී වරද වලට දෙන දඬුවම් රටාව වෙනස් කළ විට , දෙන දඬුවම ඡන්ඩ තාවයට හේතුවක් විය හැකි බව හා ඉන් මුදා ගත හැකියි යන්නයි.

දරුවාට සාමූහිකව සහයෝගයෙන් ක්‍රියා කිරීමට ක්‍රීඩා කිරීමට කුඩා කළ සිටම හුරුපුරුදු කිරීම ඉතා අත්‍යවශ්‍යයි .

ක්‍රීඩා භාණ්ඩවලින් තනිවම සෙල්ලම් කිරීමට තමා සතු කර ගැනීමට ඇති ආශාව තුනී කරලීම සඳහා සාමූහික සහයෝගය නැති ව ක්‍රියා කිරීමට අපහසු ක්‍රීඩා භාණ්ඩ නිපදවීම යෝග්‍යයි ළමා ක්‍රීඩා භාණ්ඩ බොහොමයක්ම ක්‍රීඩා කිරීමට තවත් බොහෝ දෙනකුගේ සහාය අවශ්‍ය නම් සහයෝගයෙන් ක්‍රියා කිරීම කුඩා ළමයින්ට සිදුවෙනවා.මෙම සහයෝගය හා සමුපකාර බව පසුව ද වර්ධනය කළ හැකියි. ළමයින් තුළ ඇති ශාරීරික ශක්තිය පිටමං කර ගැන්මට උචිත ක්‍රීඩා හා අවස්ථා සංවිධානය කර දීම ඉතා වැදගත්. ළමයා සමග මිත්‍රශීලී භාවය හා සුහද සම්බන්ධතාවය පවත්වාගෙන යාම මගින් චන්ඩ ගති පැවතුම් දුරු කර හැකියි.

ළමයින්ට සන්නිවේදන මාධ්‍ය මගින් ලැබෙන අසභ්‍ය චිත්‍ර රෞද්‍ර දර්ශන ඇතුළත් චිත්‍ර , මාරක කතා ඇතුළත් චිත්‍ර කතා රූපවාහිනි දර්ශන ආදියෙන් ළමයා ඈතට වීමත් අවශ්‍යයි .කරනු ලබන හොඳ ක්‍රියා වලට ත්‍යාගයක් ලබාදීම සමාජය අනුමත නොකරනු ලබන චර්යාවලට සම්බන්ධ නොදී සිටීම, අනුමත කරනු ලබන ක්‍රියා පිළිබඳව වාචික පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම ආදිය මගින් චණ්ඩ ලක්ෂණ දුරු කළ හැකි බව පර්යේෂණ මගින් පෙන්වා ඇත

දෙමවුපියන් ගුරුවරුන් හා සමාජය යන කවර ආයතනයකින් වුවත් දෙන දඬුවම් සහ ත්‍යාග පිළිබඳ සංගත තාවයක් තිබීම අවශ්‍යයි ත්‍යාග ලබාදෙන ලද ප්‍රතිචාර අභ්‍යන්තර ගත කර ගැනීමටත් දඬුවම් දෙන ලද ප්‍රතිචාර වලින් වැළකී සිටීමටත් සම්බලන නොදුන් ප්‍රතිචාර නොකර සිටීමටත් අඩුකර ගැනීමටත් එවිට දරුවා පෙළඹෙයි .

මේ ලෙසට දරුවා චණ්ඩ මය චර්යාවක් සඳහා යොදාගනු ලබන ශක්තිය ක්‍රමානුකූලව සමාජය පිළිගනු ලබන කාර්යයකට යොමු කරන්නට පුළුවන් මෙසේ ළමයින් ඡන්ද තාවය යුතු ක්‍රියාවලින් ඡන්ද තාවයෙන් ඡන්ද තාවයෙන් වෙන්වූ ක්‍රියා වලට යොමු කිරීම තර්කනය හෝ අනුමිති ක්‍රම උපයෝගී කරගනිමින් අන්තර් පුද්ගල සම්බන්ධතා වලදී ඡනතාව දුරු කරලීමට පියවර ගැනීම ඡන්ඩ ක්‍රියාවලට යොමු විය හැකි ක්‍රියා වලට ත්යාග දීමෙන් වැළකීම අනෙකුත් අය තමන් කෙරෙහි චන්ද්‍ර ලක්ෂණ දක්වනුයේ කවර කරුණු නිසාද යයි ළමයින්ට වටහා දීමට පියවර ගැනීම අන්තර් පුද්ගල ගැටුම්වලදී ශාරීරික ක්‍රියා මගින් එම ගැටුම විසඳා ගැනීම වෙනුවට ඒ සඳහා වාචික ප්‍රකාශන එදා ගැනීමට උනන්දු කරවීම සහ එයට උදව් කිරීම යන පොදු ක්‍රියා යොදා ගැනීමෙන් ජනතාව දක්වන ළමයින් ක්‍රමානුකූලව එන මුදවා සමාජයට හිතකර සමාජයට හිතවාදී සහෝදරත්වයකින් යුතු සාමූහිකව වැඩ කිරීමේ හි දක්ෂ ජන පිරිසක් බවට පත්කිරීමට ද හැකි වනු ඇත.

මේ සියලුම දේට ඉතා අත්‍යවශ්‍ය මාර්ගයක් වන්නේ තමන්ගේ ධර්මානුකූල ජීවිතයයි .දෙමාපියන්ගෙන් වහනය වන සුවඳ දරුවන්ට නිරන්තරයෙන්ම ලැබෙයි .උදේ හවස මෙය දකින දරුවා තමන්ගේ ඡන්ඩත් වය වෙනුවට ඉතාමත් ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට නිරන්තරයෙන්ම පෙළඹෙයි .මේ නිසා දරුවාට දකින පරිසරය දෙමාපියන් විසින් නිර්මාණය කිරීම තුළ ධාර්මිකත්වය පිළිබිඹු වන්නේ නම් දරුවා තුළ චන්ඩත්වය වෙනුවට හිතකාමී පරිසරයක් නිර්මාණය වනු ඇත.

උපතේ සිට අප අයත් වන්නා වූ ධර්මය වෙනුවෙන් ජීවිතය යම්කිසි කොටසක් හෝ කැප කරමින් එහි ඇති සාරය ජීවිතයට හුරු කරගන්නා දරුවා තුළ ඡන්ඩ බවක් කිසිවිටෙකත් උද්දීපනය නො වන්නේය.සියලුම කටයුතු සඳහා ධාර්මික දිවි පෙවෙතක් උපයෝගී කරගනිමින් තම ගැටළු ලිහා ගැනීම සහ ඇවැසි සියලුම ප්‍රශ්න සඳහා ධර්මයෙන් පිළිතුරු ලබාදීමට පෙළඹෙන්නේ දරුවා උපන් කාලයේ දී සිටමය .ඒ සඳහා සියලු වගකීම් දරුවාගේ දෙමව්පියන්ට පැවරේ. වැඩිහිටියන්ට පැවරෙයි .

මේ නිසා සමාජය හිතකාමී දරුවන් බිහිකිරීමට ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ දරුවන් බිහිකිරීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වන අප දරු පරපුරේ සාර්ථකත්වය උදෙසා අවධානය යොමු කළ යුතුයි.

හෙට පරපුරක සුරක්ෂිතතාවය තහවුරු කරවීමට දහම් මඟ දහම් මඟ උපයෝගී කරගැනීම නියම මග හොඳම මග බව පැහැදිලි කර ගත යුතුයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X