Temples of Sri Lanka

කුශිනාරාවට ජාත්‍යන්තර ගුවන්තොටුපොලක්

අනාදිමත් කලක් සිට ශ්‍රී ලංකාව හා සබැඳි මිතු දමේ පුරුකක් වූ සහෘද රට ලෙස ඉන්දියාව ප්‍රකටය.
බෞද්ධ ලෙන්ගතු බවත් සමගම බුදුන් උපන් දේශය ලෙසද හැදින්වීම තුල තවත් සමීප හුරුපුරුදු බවක් ද වහනය වේ.

බුදුන් උපන් දේශය නමින් විරුදාවලිය ලත් මේ පුණ්‍ය භූමියට, අද ඉතාමත් සුවිශේෂී දිනයක්.ඒ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් විසින් වෙසක් මස සිදු කරන ලද සංචාරය අතරතුර කුෂිනාරා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් විවෘත කරන බවට ප්‍රකාශ කර සිටීමේ, සුවිශේශී වූ ප්‍රකාශය අද මේ මොහොත, වන විට යථාර්ථයක් වී දෑස් මානයේ දිස්නය දෙන මොහොතක අභියසට පැමිණ ඇති නිසයි. එනම්, අද දින සුබ මුහුර්තියෙන් එම ස්වර්ණමය වූ ප්‍රකාශයේ සත්‍ය අර්ථ ගැන්වෙන වගයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැති තුමන්ගේ දෑතින් එම ගුවන්තොටුපොල අද දිනයේ දහසකුත් අභිමතාර්තයන් මැද විවෘත වීමට නියමිතයි.

බුද්ධ පරිනිර්වාණය සිදු වු උත්තරීතර මොහොතේදී, ශ්‍රී ධාතූන් වහන්සේලා විසිරි යාමත් සමඟ එම ධාතූන් වහන්සේලාගේ අයිතිය වෙනුවෙන් අජාසත් රජු ඇතුලු රජවරු යුධ වැදීණි.මේ හේතුවෙන් එය සමතයකට පත් කිරීම උදෙසා ද්‍රෝණ නම්  බමුණා විසින් ධාතූන් වහන්සේලා අට නමකට බෙදා වෙන් කර  දිශා අටකට බෙදා හැරීම සිදුවිය.මේ බෙදා දීමේදී බුද්ධ පරම්පරාගත සමාජිකයන් හට ලබාදුන් උතුම් ධාතූන් වහන්සේලා කපිලවස්තුපුර පිප්‍රාවා ප්‍රදේශයේ ස්ථූපයක් කරවා ඒ ගර්භයේ නිධන් කරනු ලැබිණි.
පශ්චාත්කාලීනව සිදු කරන ලද කැනීම් වලදී, පුරාවිද්‍යාවේදීන් විසින් මෙම ධාතූන් වහන්සේ සොයා ගෙන ඇති අතරම, පසු කාලීනව ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් හිරු නොබසින රාජ්‍ය ලෙස විරුදය ලත්, බ්‍රිතාන්‍යය රාජ්‍ය කාලය තුළදී… වස්කඩුව විහාරස්ථානය වෙත එම ධාතූන් වහන්සේ පූජා කිරීම සිදු කෙරිණි.

මෙම පුරාවෘත්තයට අන්තර්ගත වූ පූජනීය ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ වස්කඩුව විහාරස්ථානයේ තැන්පත්ව තිබු අතර ,
කුෂිනාරා නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොල විවෘත කිරීමේ අති සුවිශේෂී අවස්ථාව අරබයා, මෙම පූජනීය ධාතූන් වහන්සේ වැඩම වූ අතරම , ප්‍රධාන පැවිදි ආරාධිතයාණන් ලෙස  අති පූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමි ද ,ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැති තුමන් ද ශ්‍රී ලංකාවේ ගිහි ආරාධිතයන් ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යතුමන් , දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අමාත්‍යතුමන් ඇතුලු ත්‍රෛයිනිකායික මහා සංඝරත්තනයද මේ ස්වර්ණමය වූ හා ඓතිහාසික මතක පොතේ සනිටුහන් වන සුවිශේශී වූ අවස්ථාවට වැඩම කරන සේක.

මෙම සුවිශේෂී වැඩසටහන ඉන්දීය රජය හා ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය (IBC) මගින් සංවිධානය කරන අතර ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්වය සනිටුහන් කරනු වස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ (IBC) නියෝජ්‍ය මහ ලේකම් තුමන් වන ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා ද මෙම ස්වර්ණමය අවස්ථාවට සහභාගි වෙයි .

You might also like
en English
X
X