Temples of Sri Lanka

කොයි ලොව යන්නේ මරණින් පස්සේ….

ඇතැමුන්ගේ පිළිගැනීම වන්නේ මිනිසාගේ පැවැත්ම වර්තමාන ජීවිතයට පමණක් සීමා වන බවයි. මරණයෙන් සියල්ල කෙලවර වෙතැයි ඔවුන් විශ්වාස කරයි. තවත් සමහර අයගේ විශ්වාසය නම් පුද්ගලයා මරණින් පසු තවත් එක් වරක් පමණක් උපත ලබන බවයි. මෙලොවදී කරනු ලබන හොඳ නරක අනුව මිනිසා සදාකාලිකවම දුක් විඳින තැනක් හෝ සදාකාලිකවම සැප විඳින තැනක උපදී යන්න ඔවුන්ගේ පිලිගැනීමයි. එයට නියමිත ආත්මභාව ගණනක් නියමිත වාර ගණනක් නැවත නැවත උත්පත්තිය ලබා ජීවිතය අවසන් වේ දැයි ද වෙති. අවශ්ය සාධක පවත්නා තුරු ම නැවත නැවත උපදිමින් මැරෙමින් ජීවිතය ක්රියාත්මක වන්නේ වන්නේයැයි ඉගැන්වීමක් ද ඇත නැවත ඉපදීම හැඳින්වීමට සමාජය පුනරුත්පත්තිය හා පුනර්භවය යන වචනය භාවිතා කරයි. ඉදිරිපත් වන සංකල්පයන්හි එක්තරා වෙනසක් පවතින බවත් අප උගනිමු.

 

ඇතැම් ආගම් තුළ ජීවිතය තුළ ආත්ම නමින් හැඳින්විය යුතු ස්ථිර දෙයක් ඇති බව කියයි. පුද්ගලයකුගේ මරණයේදී එම ආත්මය ස්ථිර යෙන් ඉවත් වී ගොස් තවත් ශරීරයක් හා සම්බන්ධ වෙමින් නැවත උපත ලබයි. ශරීරයක් හා සම්බන්ධ වීම ඔවුන් හැඳින්වූයේ පුනරුත්පත්තිය කියා. එබඳු ආත්මයක් නැති බව බුදු දහමෙහි ඉගැන්වෙනවා. මේ ජීවිතයේ ක්රියාත්මක වන සිත් පරපුරෙහි අවසාන සිත ඇසුරු කරගෙන නව පරපුරක් නව රූපකායක් ආශ්රයෙන් හටගන්නවා එම සිදුවීම බුදුදහමෙහි හැඳින්වෙන්නේ පුනර්භවය කියා මෙබඳු සියුම් වෙනසක් වචන දෙකේ අර්ථයෙහි ඇතත් වර්ථමාන ව්යවහාරයෙහි මේ වචන දෙකේ ම අදහස් කෙරෙන්නේ පුද්ගලයා මරණයට පත් වූ පසු දෙවියකු හෝ මනුෂ්යයෙකු හෝ වෙනත් සත්වයෙකු වී යලි ඉපදෙනවා යන්නයි.

 

බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගත් බුද්ධ ශ්රාවකයෝ බුද්ධ දේශනාව කෙරෙහි බුද්ධිමත් ලෙස විශ්වාසය තබා පුනර්භවයක් ඇති බව පිළිගනී . බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්ය අවබෝධ කොට ගන්නා තාක් අපි සසර ඇවිදිමු.බුදුන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බව බෞද්ධ පොත පතෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්ය අවබෝධයෙන් පසු මේ මාගේ අන්තිම උපතයි පුනර්භවයක් නොවේ යන වැටහීම් ඇති වූ බව දේශනා කරලා තියෙනවා
ඇතැම් ශ්රාවකයන් මුහුණ පෑ ගැටළු ඉහත ආත්ම භවයන්හි කරන ලද කර්මයන්හි විපාක යැයි දේශනා කළ ආකාරය චක්ඛුපාල තෙරුන් වහන්සේ ගේ කතා පුවත වැනි කථාවන්ගෙන් ප්රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ මෙය ජාතිස්මරණ ඤාණය යනුවෙන් නම් කලා.

 

බෞද්ධයන් ලෙස බුද්ධ භාෂිතය පිළිගෙන පුනර්භවයක් ඇති බව විශ්වාස කළ හැකි වුවත් බුදු දහම ගැන නොදන්නා සෙසු සාමාන්ය ජනතාවට එසේ පිළිගැනීමට අපහසු වේ එබන්දකට වෙනත් සාධක දැක්වීම අවශ්යයි විවිධ පර්යේෂණ මගින් හෙළි කරනු ලබන සාක්ෂිවලින් පුනර්භවයක් ඇතැයි සනාථ වෙනවා. පුද්ගලයකු මෝහනයට පත් කළ ඒ පුද්ගලයාගේ අතීත ජීවිතය පිළිබඳව තොරතුරු හෙළි කර ගත් අවස්ථා රාශියක් අප දැක තියෙනවා.

 

ඇතැම් අය මෝහනයට පත්වූ විට අන්යයන් ගැන කළ ප්රකාශයන්ගෙන් ද ඔවුන්ගේ අතීත ආත්මභාව ගැන කියවී ඇති ආකාරය තුළින් පැහැදිළි වෙනවා. ඉහත ආත්මභාවයකදී විරුද්ද ගෝත්රිකයින් ගේ ඇස් වලට උලකින් ඇණ ඔවුන් අන්ධ කළ අයකු වර්තමාන ජීවිතයේදී අන්ධ වූ ආකාරය එක් වාර්තාවක මනා ලෙස සඳහන් කරයි.

 

එබඳු වාර්තා රැසක් ඇති අතර ඒවා හෙළි කර තිබෙන්නේ ස්වයං මෝහනයට පත් වීමෙනි.
කුඩා ළමුන්ට ජාතිස්මරණ ශක්තිය ඇති වී ඔවුන් හෙලිකල තොරතුරු වලින් පුනර්භවයක් ඇති බවට සාධක ලැබී ඇත ඉන්දියාවේ ශාන්තිදේවි නම් දියනිය පෙර භවයෙහි තිලකරත්න නමින් උපත ලබා සිටි බව හෙළි කළාය දේවි හෙලිකල තොරතුරු වලින් බොහොමයක් සත්ය බව පරීක්ෂණවලින් තහවුරු කර ගන්නා ලදී.

 

පෙර කිසිදිනෙක හමුනොවන ලද ඇද මුන් මුලින්ම හමු වූ මොහොතේ බොහෝ කාලයක් ඇසුරු කළ අය සේ සුහද හැගීම් ඇතිවන අවස්ථාද ඇත ඇතැම්විට එම ඇසුර පෙර භවයක දී ද විය හැකියි

 

මෙබඳු කරුණු ගැන බුද්ධිමත්ම සිතන විට පුනර්භවය හෙවත් නැවත නැවත ඉපදීම පිළිබඳව ඉගැන්වීම පිළිගත හැකි දෙයක් බව වැටහෙනු ඇත

 

පුනර්භවයක් ඇතැයි පිළිගැනීම සදාචාර සම්පන්න ජීවිතයක් ගොඩනඟා ගැනීමට බෙහෙවින් උපකාර වෙයි
මතු භවය හින්දි දුක් විඳීමට සිදු වෙතැයි මිනිසා දුක් විපාක ගෙන දෙන ක්රියාවන්ගෙන් ඈත් වන නිසාත්, සැපට කැමති නිසාත් සැප විපාක ලබාදෙන ක්රියාවන්හි යෙදීමට උනන්දු වන නිසාත්, සදාචාරාත්මක ජීවිතයක් ගොඩනගා ගන්නට උනන්දුවන හැකියාව වර්ධනය වන බව ද පැහැදිලිය.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood 

You might also like
en English
X
X