Temples of Sri Lanka

කර්මය හා එහි බලවත් වූ විපාක…

පුද්ගලයෙක් විසින් සිදු කරන හොඳ නරක ක්රියා බුද්ධ ධර්මයේ දී කර්ම නමින් හැඳින්වෙන බවඅප දැන අසා තිබෙනවා
ජීවිත කාලය තුළදී කෙනෙකු විසින් සිදුකරන නොයෙක් ක්රියා අප අතර පවතිනවා මේවා අපගේ දින චරියාවෙහි දී සාමාන්යයෙන් සිදු කරන ක්රියා වුවත් මෙබඳු ක්රියා කර්ම නමින් හඳුන්වන ට නොහැකියි.

 

🙏හොඳ හෝ නරක හෝ සිතිවිල්ලක් චේතනාවක් මුල් කරගනිමින් කරන ක්රියා පමණක් කර්මය ලෙස හඳුන්වන ට පුළුවන්
🙏අලෝභය අදෝස අමෝහ ය යන සිතුවිලි මුල්වීමෙන් කරන්නේ දන් දීම ආදී හොඳ ක්රියා ඒවා කුසල කර්ම
🙏ලෝභය දෝෂය මෝහය මුල් වීමෙන් සිදු කරන්නේ සතුන් මැරීම ආදී නරක ක්රියා ඒවා අකුසල කර්ම ලෙස හඳුන්වනව
මේ අනුව බලන විට හොඳ චේතනා මුල් වීමෙන් කරන ක්රියා කුසල කර්ම බවත් නරක චේතනා මුල් කර ගනිමින් කරන ක්රියා අකුසල කර්ම බවත් තේරුම් ගන්නට පුළුවන්

 

🌹සරුසාර බිමක වැපුරූ විට සුදුසු කාලයේ දී සරු අස්වැන්නක් ලැබෙනවා
🌹හොඳ හෝ නරක හෝ කර්මයක් කළ විට සුදුසු වෙලාවෙදි සුදුසු තැන දී එහි විපාක ලැබෙනවා
එය කර්ම විපාක යනුවෙන් හඳුන්වනවා අප විසින් පෙර ආත්මභාවයන් වල දී සිදු කළ කර්ම වලත් මෙම ජීවිතයේ දී සිදු කරන කර්ම වලත් එම විපාක දීමේ ශක්තිය රඳා පවතිනවා

 

කර්මයත් විපාකයත් යන දෙක වෙන් නොකළ හැකි ලෙස එකට බැඳී තියනවා සුදුසු කාලයේදී ඵල ලබා දීමේ ශක්තිය බීජයක රඳා පවත්නා මෙන් වපුරන ලද බීජ වර්ගයට අනුව අස්වැන්න ලැබෙන මා මෙන් කරන ලද කර්මයට අනුව කර්ම විපාක ලැබෙන බව අප තරයේ මතක තබා ගත යුතුයි

 

ජීවත්වන කාලය තුළ දී සතුට සැපත ගෙනදෙන නොයෙක් අවස්ථාවන්ට අසතුට දුක ගෙනදෙන නොයෙක් අවස්ථාවන්ට මනුෂ්යයින් වශයෙන් අපට මුහුණ පෑමට සිදු වෙලා තියෙනවා
මේ විදිහට මුහුණ පෑමට ලැබෙන සැප දුක් ආදී සියල්ල අතීත කර්මවල විපාක ලෙස බුද්ධ ධර්මයෙහි ඉගැන්වෙන්නේ නෑ
වැසි කාලයෙහි අතරමගදී හදිස්සියෙන් ඇදහැළුණු වැස්සකට තෙමි සුමිත්ර ට උණ හෙම්බිරිස්සාව වැළඳෙනව .
දින ගණනාවක් සුමිත්ර එම රෝගයෙන් පෙළෙනවා

 

මේ මගෙ පූරුවේ කරුමෙට කරුමෙටම කීමෙන් සුමිත්ර දුක් වෙනවා
සුමිත්ර ගේ එම කතාව පිළිගත හැකි දැයි විමසා බැලුවොත් එය පිළිගැනීමට නම් වැස්ස
ඇද හැලුණේ ඔහුගේ පූර්ව කර්මයෙන් විය යුතුයි

ඇද හැලුණේ එම කාලයෙහි හටගත් කාලගුණය වෙනසක් වීම නිසයි කර්මයකින් නොවෙයි

සුමිත්ර ගේ අතේ කුඩයක් තිබුණනම් වැස්සෙන් ද රෝගයෙන්ද බේරීමට පිළිවන් කමක් තිබුණා ඒ නිසා ඔහුට රෝගය වැලදුනේ පූර්වයෙහි කළ කර්මයක විපාකයක් වශයෙන් නොවන බව පිළිගැනීමට සිදුවෙනවා

 අප මුහුණ පාන සියල්ල අතීත කර්මයන්ගේ විපාක වශයෙන් සිදු නොවන බවත් අප තේරුම් ගත යුතුයි..

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X