Temples of Sri Lanka

භාරත ආශිර්වාද පූජා

කොවිඩ් රැල්ලෙන් පීඩාවට පත් සහෘද ඉන්දීය ජනතාවට සෙත් පතමු.

“භාරත ආශිර්වාද පූජා”
තෙවන වැඩසටහන

ඉන්දීය සහෘද හදවත් වෙත කෙරෙන සදහම් පරිත්‍රාණ ධර්ම පූජාව .

2021ක් වූ මැයි මස 03 වන (අද) දින පෑලියගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේදී අතිපූජ්‍ය ආචාර්ය වල්පොල විමලඣාන අනුනායක වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලා ගේ ප්‍රධානත්වයෙන්, සවස 6.00 ට රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා කටයුතු සංවිධානය කර ඇති අතර ශ්‍රී අමරපුර මහ නිකායේ මහ ලේකම් වන්දනීය පූජනීය වූ, අතිගරු මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනායක හිමියන් මුලසුන දරනවා ඇත.

බෞද්ධ සහෝදරත්ව සංවිධානය , හා අන්තර් ජාතික බෞද්ධ සම්මේලනය ( I B C) සමඟ අත්වැල් බැඳ ගනිමින් සිදු කරන්නා වූ මෙම
උතුම් පුණ්‍යක්‍රියාව බෞද්ධ
සහෝදරත්ව සංවිධානයේ ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශය කිරීමට ද අපේක්ෂා කරමු.

කම්පිත වූ සුවහසක් ඉන්දීය සහෘද හදවත් සුවපත් වීම පිණිස, මේ පුණ්‍ය කර්මයන් ආශිර්වාදයක්ම වේවා!!!

You might also like
en English
X
X