Temples of Sri Lanka

ආදර්ශයෙන් පරිපූර්ණ වූ බුදු සිරිත..

තුන් ලොවටම අග්ර වූ බුදුරජාණන් වහන්සේගේ සැම චරිත ලක්ෂණයක් ම ආදර්ශවත් වේ කුඩා දරුවාගේ පටන් මහා බුද්ධිමතා දක්වාම හැම කෙනෙකුටම ස්වකීය ජීවිතය ඔපවත් කර ගැනීමට ප්රයෝජනවත් වන ආදර්ශ රාශියක් බුද්ධ චරිතයෙන් පිළිබිඹු වෙයි ඉන් අපේ ජීවිතයට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ බොහොමයකි.

 

බුදුරජාණන් වහන්සේ අනුකරණයෙන් ඈත්ව බුද්ධිමත්ව කටයුතු කළ සේක.
දිනක් ද්රෝණ නම් බමුණා මහ මඟ අයිනේ ගසක් මුල භාවනාවෙහි යෙදී සිටි භාග්යවතුන් වහන්සේ දුටුවේ ය ඉතා සන්සුන් ඉඳුරන් ඇතිව භාවනා කරමින් සිටි උන්වහන්සේ දැක දැන හැඳින ගැනීමේ අපේක්ෂාවෙන් තොරතුරු විචාළේය ඔබතුමා දෙවියෙක්ද ගාන්ධර්වයෙක් ද යක්ෂයෙක් ද මනුෂ්යයෙක් ද….යනුවෙන් ඇසූ පැන වලට මම ඒ කිසිවෙක් නොවෙමි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන් සේක එසේ නම් ඔබතුමා කවරෙක් දැයි බමුණා විචාළ විට…

 

දෙවියෙක් ගාන්ධර්වයෙක් යක්ෂයෙක් සාමාන්ය මනුෂ්යයෙක් ළඟ රාග ආදි කෙලෙස් ඇත මම ඒ කෙලෙස් සියල්ල නැති කළ කෙනෙක් .සාමාන්ය මිනිසුන් අතර උපන්නත් කෙලෙස්වලින් ඔවුන් හා නොගෑවී ජීවත් වන මම බුදුවරයෙක් .
හරියට වතුරේ හටගෙන වතුරේ වැඩී වතුරේ නොගෑවී උඩට මතු වී තිබෙන නෙළුම් මලක් වගෙයි.අනුකරණය සුලභ සමාජයක බුදුරජාණන් වහන්සේ කිසිවකු අනුකරණය නොකොට ශ්රේෂ්ඨ මනුෂ්යයෙකු වූ අයුරු මෙයින් පැහැදිලි කළා.අන්ධානුකරණයෙන් ඈත්ව බුද්ධිමත්ව කටයුතු කිරීම තුළ අපටත් ශ්රේෂ්ඨ මනුෂ්යයන් වීමේ භාග්යය උදාකර ගත හැකි බව පසක් කලා
උන්වහන්සේ හැම දෙනා කෙරෙහි ම සම සිතින් කටයුතු කළ සේක….

 

බුදුරජාණන් වහන්සේ තමන් මැරීමට ආ දෙව්දත් කෙරෙහිත් මරා ඇඟිලි කපා ගැනීමට එලවාගෙන ආ අඟුල්මල් සොරා කෙරෙහිත් සුරාවෙන් මත් කොට පහර දී මරා දැමීමට එවුන් ධනපාල හස්තියා කෙරෙහිත් සිය පුත් රාහුල කුමරා කෙරෙහිත් සම සිත් දැරූ සේක.
උන්වහන්සේ මනුෂ්ය ස්වභාවය හඳුනා සානුකම්පිත ව කටයුතු කළ සේක.

 

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වේරංජා පුරයට වැඩම කළ සේක උදය නම් ධනවත් බමුණා උන්වහන්සේ වෙත පැමිණ කථාබහ කිරීමෙන් පැහැ දී එහි වදී එහි වූ ආරාමයෙහි වස් වසන ලෙස ආරාධනා කළේය එම ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ එහි වස් විසූ සේක එහෙත් බමුණාගෙන් හෝ වැසියන්ගෙන් හෝ කිසිදු සංග්රහයක් ලැබුණේ නැත එකල උත්තරාපථ යෙන් පැමිණි වෙළෙඳ කණ්ඩායමක් තද වැස්ස නිසා එහි නතර වී සිටියහ බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් කල් ගෙවූයේ ඔවුන්ගෙන් ලැබුණු යව ධාන්ය අඹරා පිටිකර පිළියෙල කරගත් ආහාරයෙන්.

 

වස් කාලය නිම වූ පසු බුදුරජාණන් වහන්සේ වේරංජාවේ නික්ම යාමට සූදානම් වී උදය බමුණාගේ නිවසට වැඩම කළ සේක බමුණා බුදුරජාණන් වහන්සේ දැක තමා අතින් සිදු සිදුවූ ප්රමාද දෝෂය ගැන කම්පා විය බුදු පාමොක් විය බුදු පාමොක් මහ සඟන වඩාහිඳුවා දන් පිරිනමා තමා අතින් සිදුවූ ප්රමාද දෝෂයට සමාව අයැද සිටියේය බුදුරජාණන් වහන්සේ ඔහුට කාරුණිකව දහම් දෙසා වේරංජාවේ න් පිටත්ව බමුන් අතින් සිදු වූ වරද උන්වහන්සේ දුටුවේ පොදු මිනිස් දුබලතාවක් ලෙසින් ඒ පිළිබඳව උන්වහන්සේ ගෙන් කිසිදු අප්රසාදය පළ නොවිණි පොදු මිනිස් දුබලතා ද සානුකම්පිතව බැලීමේ දුර්ලභ ගුණය අප තුළත් ඇත්නම් බොහෝ සමාජ අර්බුද වළක්වාගත හැකියි.

 

උන්වහන්සේ ගැටළු අවස්ථාවකදී ඉවසීමෙන් හා ස්ථානෝචිතව කටයුතු කළ සේක….
අක්කෝස භාරද්වාජ බමුණා ඇතැම් බමුණන් බුදුරජාණන් පැවිදි වීවත පැවිදි වීම ගැන මහත් සේ කිපී සිටියේය දිනක් හේ බුදුරජාණන් වෙත පැමිණ සැඩ පරුෂ ලෙස බැණ වැදුණේය දිගු වේලාවක් ඒ බැඳුම අසාගෙන සිටි භාග්යවතුන් වහන්සේ දැනුම අවසන මෙසේ වදාළ සේක..

 

බමුණ ඔබේ ගෙදරට අමුත්තකු ආ විට සංග්රහ කරනවා නේද…ඔව් ආහාරපාන 7ආදියෙන් සංග්රහ කරනවා..
බමුණ ඔවුන් ඒ ආහාරපාන බාර නොගත්තොත් ඒවාට ඔබ කරන්නේ කුමක්ද…
අප ඒවා ප්රයෝජනයට ගන්නවා..

 

එසේ නම් ඒ වාගේ මට කළ බැණවැදීම් මා බාර ගන්නේ නැහැ ඒවා නුඹ ම බාර ගන්න.
මේ ඇසූ බමුණා බුදුරජාණන් කෙරෙහි පැහැදී සසුන්ගතව රහත් රහත්විය ඉවසීමෙන් හා ස්ථානෝචිතව කිනම් චණ්ඩ පුරුෂයකු වුවත් හික්මවා ගත හැකි බව මෙයින් අපට දෙන ආදර්ශයයි.
උන්වහන්සේ සැහැල්ලු පැවැත්මෙන් හා අල්පේච්ඡ භාවයෙන් යුක්ත වූ සේක..

 

බුදුරජාණන් වහන්සේ රාජ රාජ මහාමාත්ය සිටු ආදීන්ගෙන් ලද ලාභ සත්කාරවලින් අගතැන් පත්ව සිටි සේක එහෙත් උන්වහන්සේ පරිහරණය කළේ හණ නූලෙන් වී වූ පරණ වී ගිය පාන්සකූල සිවුරක් භාග්යවතුන් වහන්ස පරණව ගිය හණ පිළියෙන් කළ පාංසකූල චීවරය දැරීමට මම කැමැත්තෙමි පවසා ලබා ගන්නා තුරුම බුදුරජාණන් වහන්සේ එය ප්රයෝජනයට ගත්හ.

 

උන්වහන්සේට ජේතවනයෙ වැනි සුවිශාල ආරාම ලැබී තිබුනත් ඒවායෙහි සැප විහරණයෙන් කල් ගෙවීමට නොසිතූහ පරාර්ථය සඳහා චාරිකාවේ යෙදුණ උන්වහන්සේ දිනක් රෑ බෝවීගෙන එද්දී මඟ අසල වූ කුඹල් හලකට පිවිසියහ එහි අයිතිකරු භග්ගව නම් විය අද රෑ මා මෙහි නතර වූවොත් ඔබට කරදරයක් නැද්ද රැය ගත කිරීමට අවසර දිය හැකි ද එ විට එවිට ස්වාමීන් එ විට ස්වාමීනි පැවිදි කලින් පැවිද්දෙක් ශාලාවෙහි ලැගුම්ගෙන සිටි ඔහු කෑම හා වෙනත් පැවිද්දෙක් ශාලාවෙහි ලැගුම්ගෙන සිටි ඔහු කැමති නම් මගෙන් බාධාවක් නැතැයි පැවසීය ඔහුගේ ද කැමැත්ත ලබාගෙන තණ ඇතිරිල්ල බිම එලාගෙන වැඩ අනික් පැවිද්දා නින්දට වැටුණේය අළුයම් වේලේ දෙදෙනාම ආගිය තොරතුරු විචාළහ අනිත් පැවිද්දා පැවිදි වෙස් ගෙන බුදුරදුන් සොයා ගෙන එන බවත් උන්වහන්සේ දැනගන්නට ලැබුණි උන්වහන්සේ ඔහුට දහම් දෙසූහ තමා සමඟ රැය ගත කළ පැවිද්දා බුදුරජාණන් වහන්සේ බව පුක්කුසාති දැනගත්තේ එම දහම් ඇසීමෙන් අනතුරුවයි.

 

බුදුරජාණන් වහන්සේ ක්රමවත් ලෙස දෛනික කටයුතු සංවිධානය කර ගත් සේක..
බහුජන හිත සුව පිණිස සේවය කිරීම තථාගතයන් වහන්සේ ගේ ජීවිත කගේ ජීවිත කාලය මුළුල්ලේම සිදුවූවක් දවස කොටස් පහකට බෙදා සංවිධානය කරගත් තථාගත දින චරියාවෙහි විශේෂත්වය වූයේ පැසුළුයම් කිස සිදුකල පැය හතරක කාලයෙන් මිනිත්තු අසූවක් තරම් වූ සුළු කාල කාලසීමාවක් සැතපීම සඳහා වෙන් කර ගැනීම හා වැඩි කාකර ගැනීම හා වැඩි කාලසීමාවක් බහුජන හිත සුව සැලසීම සඳහා වෙන් කර ගැනීමයි

 

උන් වහන්සේ ශ්රාවකයන් ධර්මදූත සේවයෙහි යොදවා තමන් වහන්සේද ධර්මදූත කටයුතු සඳහා පිටත්ව ගියා ඇතැම් විට ඉක්මනින් පිළිසරණ විය යුත්තන් වෙත ඉර්ධි බලයෙන් වැඩම කොට පිළිසරණ වුණා ආලවක අංගුලිමාල වැනි යොවුන් එසේ හික්මවා ඒ ඒ ගම් නියම් නියම්ගම්වල බ ගම් වල බහුජන හිත සුව පිණිස පාගමනින් කරන අතුරුද චාරිකාවෙහි යෙදෙමින් දහම් දෙසමින් බහුජන සේවාවෙහි යෙදුණා පිරිනිවන් මඤ්චකයෙහි සැතපී ගෙනද සුභද්ද දහම් දෙසමින් හැම බහුජන හිත සුව පිණිස කටයුතු කළා..
මේ බුදු සිරිතෙහි වූ ආදර්ශමත් බවයි…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X