Temples of Sri Lanka

අද උදා වූ සිංහල අලුත් අවුරුද්ද

 

සිංහල නක්ෂත්‍රයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් නව වසර උදාවෙයි. අස්වනු නෙලීමේ කාලයේ අවසානය සනිටුවහන් කිරීම ද ඒ මගින් සිදු කෙරේ.

තවද ඉරු දෙවියෝ රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම සිංහල අවුරුද්ද ලෙස සැලකෙන මතයක්ද ජනප්‍රවාදයේ ඇත.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ සංසිද්ධිය නව වසරක උදාව ලෙස සලකා, ඒ වෙනුවෙන් උත්සව පැවැත්වීම සිංහල ජනතාව විසින් අතීතයේ සිටම සිදු කරගෙන එනු ලබන කාර්යයකි.

මෙම උත්සව පවත්වන්නට යෙදෙන දිනය බක් මස හෙවත් අප්‍රියල් මස 14 වන දිනට යෙදී තිබිණ .

නිවාස අලුත්වැඩියා කිරීම, අලුත් ඇඳුම් පැළදුම් මිලදී ගැනීම, අවුරුදු රසකැවිලි සැකසීම, ආදී බොහෝ කටයුතු සිදු කරමින් සිංහල ජනතාව අලුත් අවුරුද්ද පිළිගැනීමට බොහෝ සූදානම් වෙති .

මිනිසා පමණක් නොව ස්වභාදහම් දිනිතිය අලුත් අවුරුද්ද පිළිගැනීමට සූදානම් වන බව කා හටත් වැටහෙන කරුණකි .

ගස් අතු ඉති පලින් බරවීම විශේෂයෙන් කජු පුහුපුහුලන් දසතම සුවඳවත් වීම මල් පිපීම මෙන්ම කොහා ගේ කොහෝ නාදය ද දසත පැතිරීම මේ කාලයේ සුවිශේෂී අංගයන්ලෙස මේ වකවානුව තුළ දිස් වන්නකි.

මේ අතර තවත් සුවිශේෂී තැනක් ගන්නා අංගයකි අවුරුදු රස කැවිලි . කිරිබත් අතිරස කොණ්ඩ කැවුම් ආස්මි අලුවා කොකිස් අග්ගලා ආදී රස කැවිලි ගෘහණියන් අතින් අලුත් අවුරුද්දට දින කිහිපයකට පෙර පිළියෙල වෙයි .සෑම නිවසකම පාහේ කෙසෙල් කැනක් ද ඉදී සුවඳ හමයි .

බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දීම මගින් බෞද්ධාගමික පරිසරයක් තුළ අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මග පෙන්වූ බව පොත පත සඳහන් කරයි .රටේ බහුතර ජනතාව බෞද්ධයන් වීම නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිළිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති .

එසේම හින්දු ආගම ගැන සලකා බලන කලද පුරාතනයේ සිටම බුදුදහම හා සමාන්තරව පැවතුණු ආගමක් ලෙස හඳුනාගත හැකි අතර එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු වීම ද සුවිශේෂීය.

බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතුණු අතර එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයින් අතර අවුරුදු චාරිත්‍රවල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක . විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතින්නක් බවට තොරතුරු අනාවරණය කරයි .

අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැගී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලැඳ පොළවට වඩා ඔහු පළමුව පොලවේ ගුරුත්වාකර්ෂණ බලය බිඳ දමා කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා හොරට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර ඇත.

මේ හේතු නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැකිය.

අලුත් අවුරුදු සමය තුළ වැඩිමනක්ම සතුටින් ඉපිලී යන්නේ කුඩා ළමුන්.

පංච දැමීම ඔලිඳ කෙළිය ඔන්චිලි පැදීම ආදිය ජන ක්‍රීඩාවලින් සහ රතිඤ්ඤා දැල්වීමට ඉතා යුහුසුළු ලෙස ක්‍රියා කරන්නේ කුඩා දරුවන්ය .

බක්මහ උළෙල පැවැත්වීමෙන් ක්‍රීඩා ක්‍රීඩාශීලීත්වය ප්‍රදර්ශනය කිරීමටත් අලුත් අවුරුද්ද මහඟු තෝතැන්නක් ලෙස සතුට වඩවන ක්‍රීඩා අතර කොට්ටා පොර අලියාට ඇස තැබීම කණා මුට්ටි බිඳීම අන්ධයාට කිරි කැවීම ආදී අංගයන්ගෙන් සමන්විත වූ සතුට භුක්ති විඳීමට දරුවො ඉපිලී යන්නේ මේ කාල සීමාව තුළයි .

වත්මන් බක්මහ උළෙලක දී දුලබ දසුනක් වුවත්, පොරපොල් ගැසීම, ජන ගායනා ,තිරික්කල් රේස්, ආදී සාම්ප්‍රදායික ජන ක්‍රීඩා දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් වුවද, ඒවා ද ඉටු කිරීමට බොහෝ සෙයින් උත්සුක වීමට වැඩිහිටියෝ පෙළඹී ඇති බව පෙනේ.

පවතින වර්තමාන පරම්පරාව විසින් සිය ඉදිරි පරම්පරාව සඳහා තම සංස්කෘතික දායාදයන් උරුම කර දෙනු වස් සිංහල අලුත් අවුරුද්ද මහඟු අවස්ථාවක් ලෙස කරුණු ගෙනා හැකිය. එබැවින් සියලුම දෙනා ඉදිරි පරම්පරාවෙන් ඉහත සඳහන් කළ යහපත් මානුෂික ගුණාංග බලාපොරොත්තු විය යුතු නම් යුතුනම් හෙළයේ මහා මංගල්‍යය වන මෙම සිංහල අලුත් අවුරුද්ද ඔවුන් සඳහා නියමාකාරයෙන් දායාද කිරීමට අදිටනින් පෙළ ගැසිය යුතුය.

ගස් වල ඵල දරන මල් මල් පිපී සුවඳවත් වන වසන්ත කාලය එළඹීමත් සමඟ ඇරඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද කෘෂි කර්මාන්තයේ නවමු පියවර සොයා ගමන්
ගන්නා දිනයක් ලෙසට ද හැඳින්විය හැකිය .

එකිනෙකා අතර අන්‍යෝන්‍ය සුහදතාවය වැඩිදියුණු කරන, ගැමි සංස්කෘතික අංග රටේ දියුණුවටත් සමාජ සාමූහිකත්වය උදෙසා මඟ කියන්නා වූත්, දෙමාපියන් දරුවන් හිතවතුන් නෑදෑයින් එකට එක්වී හිත් අලුත් වන , අලුත් අවුරුද්දේ වටිනාකම පසක් කරමින් ක්‍රියා කිරීමට,ඉදිරි පරපුරට දායාදයන් නොනැසී උරුම කර දෙමින් යුතුකම් ඉටු කිරීමට , ශක්තිය වඩවන , 2021 සිංහල හින්දු අලුත් අවුරුද්ද අපගේ සහෘද ඔබ සැමට… සාමය සතුට සෞභාග්‍යය සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

සෙනෙහෙබර ප්‍රාර්ථනා බෞද්ධ සහෝදරත්වයෙන්…

You might also like
en English
X
X