Temples of Sri Lanka

ජාත්‍යන්තර යෝග දිනය අදයි.

2014 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජූලි 21 වන දින ජාත්‍යන්තර යෝග දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

දැනට ලෝකයේ රටවල් 177ක් පමණ මේ දිනය සමරන අතර ජාත්‍යන්තර යෝග දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කළ, ඉන්දියානු වත්මන් අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සුවිශේෂීව සිහිපත් කරමු.

පසුගිය වසරේ බෞද්ධ සහෝදරත්වය මගින් මෙම ජාත්‍යන්තර යෝග දිනය සැමරීම ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණු අතර මෙවර පවතින තත්වය තුළ ඇති අපහසුතා හේතුවෙන් , මෙසේ සුබ පැතුම් එක් කරමු.

ඉන්දියාවේ වඩාත්ම පුරාණ සංස්කෘතික උරුමයක් ලෙස යෝග ක්‍රමය හැඳින්විය හැකිය. සදාචාරාත්මක, මානසික , මෙන්ම අධ්‍යාත්මික ගුණ වගාකිරීමේ ව්‍යායාමය යෝග ලෙසද සැලකිය හැකිය.

යෝග යනු,පැරණි ඉන්දියානු දර්ශනයේ වසර 5000 ක ඉතිහාසයක් ඇති මනස සහ ශරීරය පුහුණු කිරීමේ ප්‍රශස්ත ක්‍රමවේදයකි.විවිධ ශෛලීන් ,ශාරීරික ඉරියව්, හුස්ම ගැනීමේ ක්‍රම, සහ භාවනා ක්‍රම, විවේකය ඒකාබද්ධ කරමින් මෙය නිර්මාණය වේ. එසේම නූතන ලෝකයේ දකුණු ආසියානු යෝග කලාව ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව වී ඇත.

ඉන්දියානු”පතංජලී”නම් වූ සෘශිවරයකු විසින් වසර 2000ක් පැරැණි යෝග දර්ශනය පිළිබඳ නිබන්ධනයක් වන “යෝග සූත්‍රය” හැඳින්වීම සිදුකර ඇත.මෙය මනස ප්‍රගුණ කිරීම, හැඟීම් පාලනය කිරීම, සහ අධ්‍යාත්මිකව වර්ධනය වන ආකාරය, පිළිබඳව ගෙනා මාර්ග උපදේශයකි.

මෙම “යෝග සූත්‍ර” යනු යෝග පිළිබඳව පැරණිතම ලිඛිත වාර්තාවක් වන අතර, දැනට පවතින පැරණිතම ග්‍රන්ථය යි. එහි සියලු නවීන යෝග සඳහා රාමුව සපයයි.

19 වන සියවස අවසානයේ යෝග ඉගැන්වීම බටහිර රටවල ජනප්‍රිය වීමට පටන් ගත් අතර 1920 – 1930 ගණන්වල දී පශ්චාත් යෝග පිළිබඳ උනන්දුවක් පළමුව ඉන්දියාවේ සහ පසුව බටහිර රටවල වශයෙන් ලොව දස දෙස ව්‍යාප්ත වී ගියේය.

බෞද්ධ ක්‍රමවේදයට අනුව,යෝග මට්ටම් කොටස් දෙකකට බෙදා ඇති අතර, එය සාමාන්‍ය ඉන්දියානු අංශයට අනුරූපව ක්‍රියාකාරී යෝග, සහ මෙනෙහි කිරීමේ යෝග, ලෙස බෙදී ඇත. එක් මට්ටමකදී සමහර විශේෂ ශාරීරික හා මානසික හැකියාවන් වර්ධනය වන අතර දෙවන මට්ටමේ දී භෞතික යෝග පුහුණුවීමේ ශරීරයේ සිදුවන වස්තූන් මානසික තත්වයන් සහ ක්‍රියාවලින් ගැන මෙනෙහි කිරීමේ ක්‍රම භාවිතා කරයි .

රාවණා යුගයට දිවයන කුණ්ඩලීණිය ශක්තියයට අනුව එම ශක්තිය අවධි කිරීමට බෞද්ධ භාවනා කිරීම ,හින්දු යෝග විධි සහ සටන් කලාව දියුණු කිරීම ,තුළින් සිත දමනය කිරීමෙන් කුන්ඩලිනිය අවදි කළ හැකිය. මොනයම් ආකාරයකට කළත්, මෙම ක්‍රමය ඇතුළත් වන පුද්ගලයා පන්සිල් රැකීම අනිවාර්යයෙන් කළ යුතු මාර්ගය තුළ වූ නීතියකි.
මෙහිදී ද පළමුව බෞද්ධ භාවනා මගින් සිත දියුණු කිරීම කළ යුතු වන අතර එමගින් අපගේ අන්තර් ආත්මය අවදි කළ හැක.

මානසික ආතතිය ලිහිල් කිරීම, විවේකය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් යෝග ව්‍යායාම ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත. භාවනාව වැනි ආතතිය සමනය කිරීමේ වෙනත් ක්‍රම සහ යෝග භාවිතා කරන විට, යෝග පමණක් භාවිතා කලත් මානසික ආතතිය පාලනය කර ගැනීමට එය කදිම උපක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැක.
එසේම කාංසාවේ හැඟීම් සමඟ කටයුතු කිරීමේ ක්‍රමයක් ලෙසත් කනස්සල්ල අඩු කිරීමට කදිම ඉගැන්වීමක් ලෙසත්, මානසික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උදවු දෙන අත්වැලක් ලෙසත් යෝග හැඳින්විය හැකිය.

ශරීරය පුරා රුධිරය පොම්ප කිරීමේ සිට වැදගත් පෝෂපදාර්ථ සැපයීම දක්වා ,හදවත සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය අංගයකි.මේ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වන ක්‍රම වේදයකි යෝග.

බොහෝ පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වන අතිරේක ප්‍රතිකාරයක් ලෙස යෝග වඩ වඩාත් සුලභ වෙමින් පවතී.
අධ්‍යාත්මික යහපැවැත්ම වැඩිදියුණු කිරීමට, සමාජ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට, සහ පිලිකා රෝගීන් තුල කාංසාව සහ මානසික අවපීඩනයේ රෝග ලක්ශන අඩු කිරීමට යෝග උපකාරී වෙයි.
දුර්වල නින්දක ගුණාත්මක භාවය ,තරබාරුකම ,අධි රුධිර පීඩනය සහ මානසික අවපීඩනය සමඟ සම්බන්ධ වී ඇති අධ්‍යන වලින් පෙනී යන්නේ දින චර්යාවට යෝග ඇතුලත් කිරීම වඩා හොඳ නින්දක් ලබා ගැනීමට හා අනෙකුත් කාර්‍යයන්ගේ සාර්තකත්වය සඳහා උපකාරී වන බවයි .

පූර්ණ හික්මීම, ධනාත්මක භාවය හා නිරන්තර ප්‍රීතිය අත්වන නිසා, ජීවිතයේ අවසාන ප්‍රතිඵලය සඳහා යෝග අත්‍යවශ්‍ය අංගයකි.
එය සවිඥානක වූ ආත්මයක් පමණක් නොව අඳුරු මතකයට බලපාන විද්‍යාවකි. එය ප්‍රායෝගික භෞතික විද්‍යාත්මක පුහුණුවක් වන අතර ව්‍යවහාරයේ දී මිනිසුන් අප්‍රමාණ මට්ටමින් උසස් තත්ත්වයකට ගෙන යා හැකි ක්‍රියාදාමයකි.

ආශ්චර්යමත් වූ ක්‍රියාදාමය කින් යුතු මෙම යෝග ,රෝගී සහ නිරෝගී, ඇදහිලි වන්තයා සහ නොඇදහිලි වන්තයා සාක්ෂරතා ඇති සහ අඥානවන්තයකු ,තරුණ හා මහලු, ඕනෑම පුද්ගලයකු ඕනෑම වයසක සිට ආරම්භ කළ හැකි ප්‍රතිඵල අත්පත් කරගත හැකි ක්‍රියාදාමයකි.

ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් ලබන, මුළු මහත් විශ්ව සමාජයටම හෙට දින අරුණලු දකින්නට යෝග ක්‍රමවේදය අධ්‍යාත්මික කඩඉමක් වේවා! යයි සැමරුම් ගෙනෙන අද වන් දිනක ප්‍රාර්තනා එක් කරමු.

You might also like
en English
X
X