Temples of Sri Lanka

සම තැනද…? නිසි තැනද…?

🍀🌿මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම උදෙසා ස්ත්‍රිය ද පුරුෂයා ද  එක සේ ම දායක වෙයි. එහි ලා ඔවුන් මුහුණපාන අත්දැකීම් හා  ඔවුන් සිදු කරන කැපකිරීම් එකම කාර්යභාරයක් වෙනුවෙන් එකිනෙකා අනුගමනය කරන ක්‍රමවේදයන් ද වෙනස් වෙයි.
🍀🌿කායිකවද ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කැපී පෙනෙන වෙනස්කම් තිබේ. මේ නිසාම මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් ම ස්ත්‍රිය පුරුෂයා ද සමාජ භූමිකාවේ ස්වකීය  ප්‍රතිරූපය තහවුරු කර ගැනීමේ අරගලයක නිරතව සිටි. ඇතැම් විට නිහඬව ඇතැම්විට ප්‍රකටවම ද මේ ස්ත්‍රී පුරුෂ අරගලය දක්නට ලැබේ .
☘️🌿මේ දෙපාර්ශවයෙන් කවරකු හෝ ඉදිරියට හෝ පසුපසට  ගියද මේ දෙපාර්ශවයේම බලපෑම සමාජගත වූ කල්හි ඉතා ප්‍රතිමූර්තිමත් සමාජයක අගය වටිනාකම හුවා දැක්වීමට මේ දෙපළ හිම වටිනාකම ඉතා වැදගත් බව අප අද අදිටන් කරගත යුතුය.
☘️🌿දිදුල සමාජයක වටිනාකම තහවුරු කරන ස්ත්‍රී වුවද පුරුෂ වුවද පාර්ශවය කුමක් වුවත් වචන ආරම්භ සටන් කරන අරගලයක් මැද අප නිහඬව එහි ප්‍රතිඵල අත්විඳින්නේ පාර්ශවයන් ගැන සලකා නොවේ.

 

🌼එහෙයින් යථාර්ථ සාර්ථකත්වය උදෙසා පියමන් කරන ගමනේදී ස්ත්‍රිය ද  පුරුෂයා ද  යන බැමි දෙකෙන් මිදී ජීවන වෘත්තීන් නියම මාර්ග තුළ වටහාගෙන දිවි ගෙවීමට අප ඉටාගත යුතු කාලයක් එලැඹ ඇත.
🌼එවන් යුගයක ස්ත්‍රියට නිසි තැන නිසි විමුක්තියක් ගැන කතා කරන්නේ යැයි ස්ත්‍රියට සම තැනක් නිසි තැනක් හිමි විය යුතු යැයි ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි…?
 🌼යථෝක්ත පැනයට හේතුවක් නිශ්චිතව දැක්විය නොහැකි බව සැබැවි. ලෝක ඉතිහාසයේ පෞරාණික ම යුගවල ද මේ ස්වභාවය දක්නට වූ බව සාධක ඇත. සම්බුදු රජාණන් වහන්සේ පහළ වූ යුගයේ ජම්බුද්වීපය පුරා පැතිර ගිය අදහස වූයේ ස්ත්‍රිය හීන දීන බව ය .
🏵️ක්ෂුද්‍ර ,වෛශ්‍ය, ශස්ත්‍රිය ,බ්‍රාහ්මණ ,ආදී කුල භේදය සේම දරුණු ලෙස සහ ඇතැම්විට එයටත් වඩා ප්‍රබල ලෙස ස්ත්‍රී පුරුෂ භේදය දක්නට  තිබුණි.දියණියකගේ උපත කුලයේ විනාශයට හේතුවක් ලෙසින් සැලකූ භාරතීය සමාජයේ මුල් බැසගත් දෘෂ්ඨිය බිඳ හෙළන්නට මුල් වූ අප සරණගිය සම්බුදුරජාණන් වහන්සේ ම ය.
🏵️උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගතවී ගිය අටවන සතියේ දී අජපාල නුගරුක මුල දී පාපී මාරයා පැමිණ දුකෙන් නිදහස් වීමේ ඉලක්කය සම්පූර්ණ කරගත් සුගතයන් වහන්සේ පිරිනිවී වඩින සේක්වා යි ආරාධනා කළේය .
         🧡එවිට උන්වහන්සේ වදාළේ මාගේ ශාසනයෙහි භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසම ධර්මය හි මුල් බැස ගන්නා තුරු තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවන බවයි .
        💛ශාසනය අන් සියළු ලෝක ප්‍රතිපදාවන් ගෙන් වෙනස්  ලෙස ගනිමින් ස්ත්‍රියට වේවා පුරුෂයකුට වේවා එකම ඉලක්කය වෙත පිවිසීමේ දී අවකාශය එසේ සලසා දුන්නේ ශාසන අරුණෝදයේ දී මය.
☘️🌿ඒ විමුක්ති මාර්ගයට පිවිස සසුන් බඹසර සුරැකීමෙන් ස්ත්‍රියක සාක්ෂාත් කරන නිර්වාණය  එකී වැඩපිළිවෙළ හිම යෙදීමෙන් පුරුෂයකු සාක්ෂාත් කරගන්නා නිර්වාණයෙන් වෙනස් වූවක් නොවේ .
 ☘️🌿දෙදෙනාගේම නිවන වනාහි එක සේ ම ප්‍රණීත වූවක් …ශාන්ත වූ නුවණ මෙහෙයවා කටයුතු කරන සිහිය පිහිටුවාගෙන කටයුතු කරන ස්ත්‍රී පුරුෂයන්ට උරුම වන නිසි තැන එයයි.
☘️🌿 ඒ උත්තම ක්ෂේම භූමියේ දී ස්ත්‍රී පුරුෂ යන මේ සියලු පැනවීම් සම්මුතීන් පමණක්ම වේ .ඒ රහතන් වහන්සේලා කිසිවකට නොබැඳී කිසිවකට නො ගැටී ලෝකයෙන් එතෙර වූ සේක් මයි.
🍀🌼ලෝකයේ සම්මුතීන් අතික්‍රමණය කළ සම්බුද්ධ ශාසනය තුළ නුවණැති ශ්‍රාවකයන්ට හිමි නිසි තැන ද සම තැනද ලබන්නට සිළු මනුෂ්‍ය වර්ගයාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අප සියලු දෙනාටම වාසනාව උදාවේවා යනු …බෞද්ධ සහෝදරත්වයෙන් පෙරමග කරා …යන ගමනේ දී ඔබට ප්‍රාර්ථනය
කරමු.….🧡

 

💛💚
🙏🙏ඔබ සැමට තෙරුවන් සරණයි !!!🙏🙏
You might also like
en English
X
X