Temples of Sri Lanka

ඉන්දීය සහෘද හදවත් වෙත කෙරෙන සදහම් පරිත්‍රාණ ධර්ම පූජාව

කොවිඩ් රැල්ලෙන් පීඩාවට පත් සහෘද ඉන්දීය ජනතාවට සෙත් පතමු.

“භාරත ආශිර්වාද පූජා”
දෙවන වැඩසටහන

ඉන්දීය සහෘද හදවත් වෙත කෙරෙන සදහම් පරිත්‍රාණ ධර්ම පූජාව .

2021ක් වූ මැයි මස 01 වන දින ඇඹිලිපිටිය බෝධිරාජාරාමය විහාරස්ථානයේදී
අතිපූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, සවස 6.00 ට රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

බෞද්ධ සහෝදරත්ව සංවිධානය ,බෝධිරාජ පදනම හා අන්තර් ජාතික බෞද්ධ සම්මේලනය ( I B C) සමඟ අත්වැල් බැඳ ගනිමින් සිදු කරන්නා වූ මෙම පුණ්‍යක්‍රියාව සඳහා තවත් භික්ෂූන් වහන්සේලා 50 නමකගෙන් යුතු පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතය.

එමෙන්ම මේ අවස්තාව සඳහා අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් හා බෞද්ධ සහෝදරත්ව සංවිධානය නියෝජනය කරමින් එහි සභාපති තුමන් වන, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ සාමාජික පිරිසද, බෝධිරාජ පදනම නියෝජනය කරමින් එහි සාමාජිකයින්ද, අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය නියෝජනය කරමින් එහි සාමාජිකයින්ද, සහභාගී වනු ඇත.

මෙම පිරිත් සජ්ඣායනය බෞද්ධ සහෝදරත්ව සංවිධානයේ ෆේස්බුක් පිටුව හරහා සජීවීවව් විකාශය කිරීමට ද අපේක්ෂා කරමු.

You might also like
en English
X
X