Temples of Sri Lanka

නව අරහාදි බුදු ගුණ

නව අරහාදී බුදු ගුණ ලෙස හඳුන්වන්නේ බුදුරජාණන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිදම් පුරා බුද්ධත්වය ලද පසු උන්වහන්සේගේ ඒ පින් මහිමය හේතුවෙන් ම පවතින ගුණ නවයයි.

” බෞද්ධයාගේ අත්පොත” නමින් රේරුකානේ චන්දවිමල පූජනීය ස්වාමීන්වහන්සේ විසින් රචිත කෘතියෙන් මේ කරුණු උපුටා ගත් අතර අනෙක් අය සමඟ ද බෙදා ගනිමින් පින් අනුමෝදන් වෙත්වා !!!!

This is an excerpt from a Buddhist manual written by the Most Venerable Rerukane Chandavimala Maha Nayaka Thera.)
Page = 137

 

1. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.

01. My blessed Buddha having reached a state of purity by destroying all defilements such as lust never to arise again is suitable for veneration and offerings by devas and humans.

02. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින්ම නොවරදවා දැන වදාළ සේක.

02. My Blessed Buddha has realised without any error, Dhamma pertaining to the past, present, future and timeless period, by himself with no advice from anyone.

03. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘද්ධ වූ විදර්ශනා ඥනාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණෙන් ද සම්පූර්ණ වූ සේක.

03. My blessed Buddha has accomplished highly concentrated insight and morality.

04. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍රතිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.

04. My Blessed Buddha has reached nibbana by means of correct practices such as liberality and morality.

05. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකයේ සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍රය නිරවශේෂයෙන් දැන වදාළ සේක.

05. My blessed Buddha has realised completely the three worlds of the living, formations and space.

06. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමනා ප්‍රඥාමාන සෘද්ධි මානාදී අනේකවිධ මානයෙන් උඩඟු දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ රාජාදින් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නාවුන් අතුරෙන් අග්‍ර වූ සේක.

06. My blessed Buddha is the greatest among those who control living beings because he is capable of controlling the kings of humans, devas, brahmas, devils, and demons who are conceited with pride of birth, pride of merit, pride of power, pride of wisdom, pride of special powers and pride on account of numerous other reasons.

07. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්මාණ ප්‍රතිලාභය පිණිස ද අනුශාසනා කරන සේක.

07. My blessed Buddha advices devas and humans for the benefit in this world and beyond and to attain nibbana.

08. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.

08. My blessed Buddha having realised the deep four noble truths, did make thousands of devas and humans realise them.

09. මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.

09. My blessed Buddha who possesses countless merit, countless magical powers, countless knowledges, and countless powers is suitable for respect by the world population.

නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි.

I pay homage with three doors such as the body to the blessed Buddha possessed with these nine qualities.

.

.

සාධු! සාධු!! සාධු!!!
Sadhu! Sadhu!! Sadhu!!!

© Buddhist Brotherhood

You might also like
en English
X
X