Temples of Sri Lanka

දෙව් ලොව ද බඹු ලොව ද මනු ලොව ද

අප මෙතෙක් ගෙවාගෙන ආ සසර ගමන කොතරම් විවෘත දැයි අපට නොතේරේ අපි දෙව්ලොවටත් තවත් වරෙක බඹ ලොවටත් තවත් වරක මනු ලොවටත් පැමිණියෙමු.

සසර ගමනක සැරිසරන්නට බොහෝ දෙනෙකුන් බිය නැති මුත්, සියලු දෙනාම දුක් විඳින්නටත් දඬුවම් ලබන්නටත් බිය වෙති. මේ සත්‍ය පෙන්වා දෙන්නට සමත් කෙනෙකු ලොව පහළ වන්නේ කලාතුරකින් ඇති දුර්ලභව ලැබෙන බුදු සසුන කින් පමණයි. චතුරාර්ය සත්‍ය යනු එයයි.

චතුරාර්ය සත්‍යය යනු, සනාතන දහමක්. කිසිසේත් නොවෙනස්වන දහමක්. අනතුරකට පත් නොවන දහමක්. මෙයට ආර්ය සත්‍ය යැයි කියන්නේ ඒ නිසාමයි. චතුරාර්ය සත්‍ය අකාලික ධර්මයක් නිසා හැමදාම අලුත් . නීත්‍යානුකූලයි. නුවණැත්තන්ට විවෘතයි. ඕනෑම බුද්ධිමත් කෙනෙක්ට ශ්‍රද්ධාව තිබේ නම් , වීරිය නුවණ තිබේනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකියි. සත්‍යාවබෝධයට ද මාර්ගයක් තිබේ. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි

සත්‍යාවබෝධයට මුල්වූ දැකීම සම්මා දිට්ඨියයි .සත්‍යාවබෝධයට මුල්වූ කල්පනාව සම්මා සංකල්පයයි. සත්‍යාවබෝධයට සත්‍ය අවභෝදයට උපකාර වන පරිදි වචන හැසිරවීම ක්‍රියා කිරීම ජීවත්වීම ද ඒ මාර්ගයට අයිතියි. සත්‍යාවබෝධයට උපකාරී වන පරිදි වීර්යය කිරීම සිහිය පිහිටුවීම සමාධිය දියුණු කිරීමද මේ මාර්ගයමයි.කෙනෙකු මුළුමනින්ම සසරෙන් නිදහස් වෙන්නේ ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් .

එක් අවස්ථාවක් සෝවාන් වීම. එහි තේරුම සම්මා දිට්ඨිය තුළින් මේ නිවන් මග හොඳින් හඳුනාගෙන ඒ මගට පිවිසීමයි. සෝවාන් වීම පිණිස ඉතා පැහැදිලිව චතුරාර්ය සත්‍ය ගැන අසා ගෙන, එය ඇසූ ධර්මය ඔස්සේ තම චින්තනය මෙහෙයවීමයි.මෙය මෙහෙය වූ කෙනෙකුට සත්‍ය ඥානය තිබේ .චතුරාර්ය සත්‍ය ඥානය යනු කුමක්ද… එය නම්, දුක ආර්ය සත්‍යයකි. මේ දුකේ හට ගැනීම, දුක හට ගැනීමත් ආර්ය සත්‍යයකි. මේ දුකින් නැතිවීමත් ආර්ය සත්‍යයකි. දුක් නැතිවීම පිණිස උපකාරී වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ද ආර්ය සත්‍යයකි. මෙයයි සත්‍ය ඥානය.

තමා තුළින් දුක තේරුම් ගත් කෙනෙක්, මෙතෙක් දුක පැවතුණු ආකාරය ද වටහා ගනී. වර්තමානයේ දුක පවතින ආකාරයද වැටහේ. ඒ ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පරම සත්‍යයක් බවට විචිකිච්චාව නැති වීම යනු එයයි. එබඳු කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ විනය, වන සිල්පද රැකීමට, ඉතා කැමතියි. ඒ සීල සංවරය ඉන්ද්‍රිය සංවරය ආර්ය මාර්ග පිරිසිදු වන බව ඔහු දන්නා නිසා. එවැන්නෙකුට සීලබ්බත පරාමාසය කොයින්ද…. මෙලෙසින් සම්මා දිට්ඨිය ඇති වූ ආර්ය ශ්‍රාවකයා ආර්ය මාර්ගය දියුණු කර කරගැනීම පිණිස ඒ සම්මා දිට්ඨිය පාදක කරගෙන සම්මා වායාම සම්මා සති යන ගුණ දහම් දියුණු කරගෙන ඉතිරි මාර්ගාංග පුරුදු කරයි.

සෝතාපන්න වූ ශ්‍රාවකයා රාගය ඇති වන විට ඇතිවන්නේ සරාගී අරමුණක් ගැන වැරදි ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් බව වහා තේරුම් ගනී. ද්වේෂයක් ඇති වූ විට එය ඇතිවන්නේ ද්වේශ සහගත අරමුණ ගැන වැරදි ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් බවත් වහා තේරුම් ගනී. තමා තුළ සකස් වන වැරදි කල්පනාවල මුල අයෝනිසෝ මනසිකාරය බව ඔහුට පැහැදිලියි.ඔහු එය දුරු කර ගැනීම පිණිස යළි යළිත් යෝනිසෝ මනසිකාරය ඇතිකර ගනී. යෝනිසෝ මනසිකාරය දියුණු කිරීමට බලවත්ම බාධාව වන්නේ පංච නීවරණ ආර්ය සත්‍ය . සත්‍ය අවබෝධය වළක්වන පාපි කුසලයට ඇති ප්‍රමාදය ඇති කරවන ගතියක් තමයි පංච නීවරණය තුළ තිබෙන්නේ. පංච නීවරණ යනු කාමච්ඡන්ද ව්‍යාපාද නිදිමත හා අලස බව සිතෙහි විසිරීම හා පසුතැවීම හා විචිකිච්චාව යන මේ පහයි. පංච නීවරණ දුරු කර ගැනීමේඅවශ්‍යතාවය සෝවාන් පුද්ගලයා තුළ නිතැතින්ම ඇතිවේ.

එසේම ඔහු පවට ලැජ්ජාවත්, පවට බයත් ,ඇතිකරගෙන කයින් සිදුවන අකුසල් වන, ප්‍රාණඝාතයෙන් සොරකමින්, වැරදි කාම සේවනයෙන් වැලකීම, බොරුවෙන් වැලකීම, බොරු කීම කේළාම් කීම පරුෂ වචන කීම හිස් වචන කීම යන වචනයෙන් සිදුවන අකුසල් වලින් ද ඔහු වළකී.එසේම ඔහු අධාර්මික ජීවනෝපාය මාර්ග වලින් වැළකී ධාර්මික දිවි පෙවෙතක් ගත කරයි.

කෙලෙස් තවන වීරියෙන් යුතුව නුවණින් යුතුව සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටුවා ගෙන වාසය කරද්දී ,ඔහු තුළ වැඩෙන්නේ සත්‍ය සති සම්බොජ්ඣංගය. ඉන්පසු ඔහු පංච උපාදානස්කන්ධයෙන් සතර මහා ධාතු හා අධ්‍යාත්මික බාහිර ආයතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් විමසන්නට පටන් ගනී .

අකුසලයන් ප්‍රහානය කිරීම පිනිස ඉතා හොඳින් වීරිය කරයි. කුසල ධර්මයන් දියුණු කිරීම පිණිස ඉතා හොඳින් වීරිය කරයි. කුසල් වැඩීමට නොපසුබස්නා දැඩි වීර්යයක් ඔහු තුළ තිබේ .ආර්ය සත්‍යය අවබෝධයට මුල් වන ආකාරයට ඉතා හොඳින් වීර්යය කිරීම වීරිය සම්බොජ්ඣංගය මෙසේ ආර්ය සත්‍යය අවබෝධය පිණිස සිහිය පිහිටුවන විට ප්‍රඥාව වැඩෙන විට වීරිය වැඩෙන විට ඒ ශ්‍රාවකයා තුළ මහත් ප්‍රීතියක් හටගනී. ඒ ප්‍රීතිය පවා පවතින්නේ ආර්ය සත්‍ය අවබෝධය සත්‍යය අවබෝධයේ අංගයක් වශයෙන්. ප්‍රීති සම්බොඡ්ඣංගය වශයෙන් එය හඳුන්වයි.

ප්‍රීතිමත් සිතක් ළඟ කය සැහැල්ලු වීම නිතැතින්ම සිදු වේ. එවිට සිත සිතද සැහැල්ලුවේ. ශ්‍රාවකයා බුද්ධිමත් ලෙස ඒ සැහැල්ලුව පවා වසඟ නොවී එයද විදර්ශනාවට හරවන්නට තරම් සමර්ථ වෙයි. එවිට ඔහු තුළ වැඩෙන්නේ සංසිඳුණු කයක් ඇති සැපයක්.සැපවත් වූ කෙනා ගේ සිත සමාධිමත් වෙයි. ඔහු කෙමෙන් කෙමෙන් එම සමාධිය තවත් දියුණු කොට පළමු පලමු දෙවන තුන්වන සතරවන ධ්‍යාන දක්වා සිත දියුණු කරයි. දැන් ඔහු තුළ තිබෙන්නේ මැනවින් සමාධිමත් වූ මෘදු වූ සමාහිත වූ අකම්පිත වූ සිතක්. ඔහු ඒ සමාධි සැපය ට පවා නො ඇලෙන විට සිත උපේක්ෂාවට පත් වේ. මෙයාකාරයට මනාකොට සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගත් ශ්‍රාවකයා සප්ත බොජ්ජංග අවබෝධ කළ යුතු වූ දුක්ඛ ආර්ය සත්‍ය වන පංච උපාදානස්කන්ධය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනී. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය ආර්ය සත්‍යය වන පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති අවිද්‍යාවත් තණ්හාවත් මුළුමනින් ම ප්‍රහාණය කරයි. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය වන අවිද්‍යාව දුරුවීමෙන් ලබන විද්‍යාවත් තණ්හාව දුරු වීමෙන් ලැබෙන විමුක්තියත්, සාක්ෂාත් කර ගනී. ප්‍රගුණ කළ යුතු වූ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය වන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මාර්ගය සීල සමාධි ප්‍රඥා තුළ මැනවින් ප්‍රගුණ කර ගනී.

එවිට ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය සම්පූර්ණ වශයෙන් අවබෝධ කරගත් නිසා නිකෙලෙස් විය .තමා ලත් විමුක්තිය ගැන ඥාන දර්ශනයක් ද රහතන් වහන්සේට තිබේ. එය විමුක්ති ඥාණ දර්ශනය යි.

තමන්ගේ යලි යලිත් ඉපදෙන ජීවිත ගමන අවසන් වූ බවත්, නිවන් මඟ සම්පූර්ණ කරගත් බවත්, නැවත කිසි දිනෙක සසර දුකක් නැති බවත්, අවබෝධකර ගනී.මෙසේ සතුටට පත් ව ,සතර අපායේ වැටි නිමක් නැති දුක් කඳුළු හෙළමින් සෝසුසුම් හෙළමින් ගමන් කළ සසර ගමන අවසන් කරගත හැකි වන්නේ, බුදු සසුණ තුලදීම පමණයි.

මේ උතුම් ආර්ය සත්‍යය, අවබෝධ වීමෙන්, ඔබගේ ජීවිතය නියමාකාරයෙන් සකස් කර ගැනීමට, ඔබට වාසනාව උදාවේවා!!! යන්න බෞද්ධ සහෝදරත්වයේ ප්‍රාර්ථනයයි …

You might also like
en English
X
X