Temples of Sri Lanka

ටෙන්සින් චෝඩන් ටිබෙට් මෙහෙණින් වහන්සේ තුක්ඩම්සමාධියට සමවැදි අපවත් වේ

TIBETAN NUN VEN TENZIN CHOEDON FROM KOLLEGAL FOUND IN THE RARE MEDITATIVE STATE OF THUKDAM

“ධරම්සලා” ප්‍රදේශයෙහි පිහිටි මධ්‍යම ටිබෙට් පරිපාලනයට අයත් ආගමික සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව, එරට අසූ දෙහැවිරිදි ටිබෙට් මෙහෙණින් වහන්සේ නමක් වූ ටෙන්සින් චෝඩන් පසුගිය සතියේ ඇයගේ මරණින් පසුව තුක්ඩම් යන දුර්ලභ සමාධියට සමවැදි ඇති අයුරින්ම සොයාගත් බව සඳහන් කරයි.

කොලෙගල් ජනපදයේ වැසියෙක් වූ අනි ටෙන්සින් නමින් වැඩිදෙනෙක් දන්නා මෙම ටෙන්සින් චෝඩොන් නැමැති  මෙහෙනින් වහන්සේ, අවුරුදු 44 ක් පුරාවටම භාවනානුයෝගිව රාවල්සර්හි ශුද්ධවූ ගුරු පද්මසම්භව පුණ්‍ය සහ භාවනා මධ්‍යස්ථානය පිහිටි ලෙනෙහි භාවනානුයෝගිව සිට ඇති බව පැවසේ. තුක්ඩම් භාවනා සමවතින් යුතුව හමුවූ ඇයගේ  මෘත දේහය දසත විහිදුනු සිල් සුවඳින් යුතුවිය.

තුක්ඩම් වනාහි ටිබෙට් බෞද්ධ දර්ශනයේ විශේෂ භාවනා අංගයක් වන අතර එමගින් භෞතික ශරීරය මරණයට පත්වූවද ගුරුදේවයාණන් ගේ විඥානය එලෙසින්ම සිරුරෙහි රැඳී තිබෙන බව විශ්වාසයයි. සායනිකව එවන් අය මියගිය බවට ප්‍රකාශ කළද ඔවුන්ගේ මෘත දේහයන් කිසිදු දිරාපත්වීමක සේයාවක්වත් නොපෙන්වන අතර සංරක්ෂණයෙන් තොරව වුවද සජීවී සිරුරක් මෙන් දින හෝ සති ගණනක් වුවද තබාගත හැකිය. සිත යන තේරුම ඇති තුක් යන වචනයෙන් සහ සමාධි භාවනාව යන තේරුම ඇති ඩාම් යන ටිබෙට් වචනයෙන් එම තුක්ඩම් පදය සැදී ඇත. මෙම සුවිශේෂ වූ බෞද්ධ සංසිද්ධියෙහි අප්‍රකට තොරතුරු විද්‍යාත්මක ගවේෂනයක් තුලින්  තවමත් මතුකර නොමැත.

භාවනාව තුළ ඇති භෞතස්නායු වෛද්‍යානුකූල ශිල්පය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට මහත් ඇල්මක් දැක්වූ අති උතුම් වූ දලයි ලාමා හිමියෝ දශකයකට පෙර රුසියානු සහ බටහිර විද්‍යාඥයින්ගේ සහයෝගයෙන් තුක්ඩම් භාවනා ක්‍රමය ගැන පර්යේශනයක් කර ඇත. එතැන් පටන් ඒ පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ රාශියකට මුල පිරුනි.

රිංගපොංසැන්ග් පවුලෙහි 1939 දී පූජ්‍ය ටෙන්සින් චෝඩන් මෙහෙනින් වහන්සේ උපත ලබා ඇත. ළමා කාළයේ පටන්ම ඇය අනුන් කෙරෙහි ඉමහත් ආදරයක් සහ කාරුණික ස්වභාවයක් පෙන්නුම් කළේය. ඇයට වයස අවුරුදු 13 දී සිය දෙමවුපියන්ගේ අවසරයෙන් ටිබෙට් දේශයේ කෙමලින් හි රිවෝ ගාඩන් ආරණ්‍යය සේනාසනය ට ඇතුල්විය. නීති විරෝධි චීන ආක්‍රමණය හමුවේ 1959 දී දහස් ගණනක් අය සමඟ ඇයද ඉන්දියාව වෙත පළා ගියේය. ඉතිරි අවුරුදු කිහිපය තුළ ඇය නේපාලයේ ඩෘප්සෙන් රින්පොචෙ වෙතින් ධර්මය හදාරමින් ගත කර තිබේ.

ඉන් අනතුරුව ඉන්දියාව බලා වැඩම කළ ටෙන්සින් තෙරණිය අවුරුදු නවයක් ටිලෝග්පූර්හි කර්ම ඩ්‍රබ්ජු තර්ගේ ලින්ජ් ආරාමයෙහි නොයෙකුත් කාර්යයන්හි නියැලී ඇත. වර්ෂ 1976 සිට 2020 මාර්තු දක්වා අවුරුදු 44 ක කාළය තුල රිවුල්සාර්හි ශුද්ධවූ ගුරු පද්මසම්භව පුණ්‍ය සහ භාවනා මධ්‍යස්ථානස්ථ සෙනසුනෙහි යෝගී දිවියක් ගෙවා ඇත. එපමණක් නොව තෙරණිය ත්‍රිලෝක්නාත්හි ගාර්ශා ෆක්පා වැනි පූජනීය බෞද්ධ සිද්ධස්ථානයන් රාශියක බෞද්ධ වතාවත් සිදුකොට තිබේ.

ටෙන්සින් තෙරණියගේ අධ්‍යාත්මික ජීවිතය පුරාවටම ඇය අති උතුම් වූ අධ්‍යාත්මික නායක දලයි ලාමා හිමියෝ වෙතින් රෙමේ නැමැති ඉගැන්වීම සහ එයට අයත් සක්ය ටි්‍රරිචන් රින්පොෂේ, 16වැනි කර්මපා, ක්යාබ්ජේ ඩූජොම් රින්පොශේ, ක්යාබ්ජේ චෝගී ටි්‍රචන් රින්පොශේ සහ ෂෝජන කෙන්පෝ ලොඞ්රෝ රින්පොශේ වෙතින් ලබා ඇත.

මැයි මස 22 වන දිනට යෙදුනු 3වන ටිබෙට් චන්ද්‍ර මාසයට අයත් 30 වන දින පෙරවරු 10 ට පමණ ටෙන්සින් චෝඩන් තෙරණිය ඇය වැඩ සිටි කොලෙගා ටිබෙට් ජනපදයෙහි තුඞ්කාම් නැමැති භාවනානුයොගි ඉරියව්වෙන්ම අපවත්වී වදාළහ.

අනුග්‍රහය – මධ්‍ය ටිබෙටියානු පරිපාලන වෙබ් අඩවියෙනි

 

TIBETAN NUN VEN TENZIN CHOEDON FROM KOLLEGAL FOUND IN THE RARE MEDITATIVE STATE OF THUKDAM

Dharamshala: A Tibetan nun named Tenzin Choedon aged 82 was found in the rare meditative state of Thukdam after passing away on Friday last week, according to the Department of Religion and Culture, CTA. Read the original report filed in Tibetan here.

Ven Tenzin Choedon more prominently known as Ani Tenzin was a resident of Kollegal Tibetan settlement who had spent over 44 years in mediation retreat at Holy caves of Guru Padmasambhava Charitable and Meditation Centre at Rewlsar. Her body was found in the state of Thukdam with moral fragrance all around.

Thukdam (Tib: ཐུགས་དམ་) is described as a Buddhist phenomenon in which the realised master’s consciousness remains in the body despite its physical death. Though they are declared clinically dead, their bodies show no signs of decay and are found to remain fresh for days or weeks without preservation.

Thukdam is a Tibetan word with “thuk” meaning mind and “dam” standing for samadhi or the meditative state.

While scientific inquiry into this phenomena is still underway, they are yet to decipher this unique Buddhist phenomenon.

Keen to understand the neurophysiological mechanism of the meditation, His Holiness the Dalai Lama had commissioned research on Thukdam in collaboration with Russian and western scientists over a decade ago.

Series of scientific researches have followed since.

 

Brief Bio of Ven Tenzin Choedon

Ven Tenzin Choedon was born in 1939 into the family of Ringpapontsang. From childhood, she displayed a deep loving and compassionate nature towards others. At the age of 13, at the advice of her parents, she joined Chemeyling in Riwo Geden monastery in Tibet. In 1959, she escaped to India along with tens of thousands of others as a result of the Chinese illegal occupation. She spent the next few years in Nepal, receiving teachings from Drupseng Rinpoche. Ven Tenzin later moved to India and remained at Karma Drubgyu Thargay Ling Nunnery in Tilogpur for nine years where she served the nunnery in various capacities.

From 1976 to March 2020, Ven Tenzin spent 44 years in retreat at Holy caves of Guru Padmasambhava Charitable and Meditation Centre in Rewlsar. She also observed many Buddhist vows at sacred Buddhist places such as Gharsha phakpa in Triloknath.

Throughout her spiritual life, Ven Tenzin Choedon has received Remey teachings from His Holiness the Dalai Lama, HE Sakya Trichen Rinpoche, HE the 16th Karmapa, Kyabje Dujom Rinpoche, Kyabje Chogye Trichen Rinpoche and Dzogchen Khenpo Lodroe Ripoche.

On 22 May coinciding with the 30th day of the 3rd Tibetan lunar month, Ven Tenzin Choedon passed into the state of Thukdam at around 10 am at her residence in Kollega Tibetan Settlement.

 

Source: Official website of the Central Tibetan Administration

 

You might also like
en English
X
X