Temples of Sri Lanka

ජාත්‍යන්තර යෝගා දිනය සැමරේ

2020 ජාත්‍යන්තර යෝගා දින සැමරුම් උළෙල මෙවර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජූනි මස 21 වැනිදා පස්වරු 4 ට පැවැත්වුණි.

බෞද්ධ සහෝදරත්ව පදනම සංවිධාන කළ මේ සඳහා ලංකාවේ නැගී එන තරුණ කලා ශිල්පීන් එක් කරගෙන තිබීම විශේෂත්වයකි. ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය සහ AIESEC සංවිධානය ද මේ සඳහා සහයෝගිතා අනුග්‍රහය දක්වන ලදී.

කායික ,මානසික හා අධ්‍යාත්මික සෞඛ්‍යය වෙනුවෙන් යෝගා අභ්‍යාස කිරීමේ වැදගත්කම හා එය ප්‍රායෝගිකව සිදු කිරීමේ ක්‍රමවේදය ඉන්දීය රන් පදක්කම්ලාභී යෝගා පුහුණුකරු කෘපේෂ් කවිකාර් මහතා විසින් සිදුකරන ලදී.

මේ අවස්ථාවට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්‍ය වික්‍රම් රේවන්ට් සිං, ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ සංස්කෘත හා මාධ්‍ය ප්‍රධානි නේහා සිං , යුද හමුදාපති මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ සහ බෞද්ධ සහෝදරත්වයේ ගරු සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ යන මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටි අතර බෞද්ධ සහෝදරත්ව පදනමට අනුබද්ධ තරුණ සංවිධානය පිහිටුවීමද මෙදින සිදුකෙරිණ.

 

 

You might also like
en English
X
X