Temples of Sri Lanka

ඇසළ පොහෝ දින සැමරුම – 2020 ඩිජිටල් සංවාදය අද

මහින්දාගමනයෙන් ආරම්භ වූ බුුදු දහමේ ආගමනය සමරන ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධාන කරන ධර්ම සාකච්ඡාව අද(03) පස්වරු 5 ට ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. “DHAMMA FOR GLOBAL WELL -BEING” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන මගින් යහපත් ජීවිතයකට ධර්මය උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳව නව දැක්මකින් සාකච්ඡාවට බඳුන් කෙරේ.

මෙම විද්වත් සාකච්ඡාව මෙහෙයවීම ජාත්‍යන්තර බෞද්ධ සංසදයේ නියෝජ්‍ය මහ ලේකම්, බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් සිදු කරනු ලබයි. ඒ සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශ ප්‍රධානි පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රනීත් ජයසුන්දර, ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සමන්ත ඉලංගකෝන්, සම්මානනීය ලේඛක දයා දිසානායක, යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක වීමට නියමිතයි.

ඉන්දියාව නියෝජනය කරමින් නව නාලන්දා මහාවිහාර අනුබද්ධිත විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය බයිද්‍යනාත් ලභ් , බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ප්‍රධානි මහාචාර්ය ආචාර්ය බිමලේන්ද්‍ර කුමාර්, කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ මහාචාර්ය සස්වලි මුතුසුද්දි, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික ඉතිහාසය පිළීබඳ අධ්‍යක්ෂ – සම්මානනීය ලේඛක ආචාර්ය ජී. බී. හර්ෂා යන මහත්වරුන් මෙම සංවාදයට අන්තර්ජාලය හරහා එක් වේ.

මෙම සංවාදය සමඟ එක් වීමට WWW.FACEBOOK.COM/ICCRSRILANKA ඔස්සේ ඔබටද අවස්ථාව තිබේ.

You might also like
en English
X
X